සප්තකන්‍යා කඳු පා මුල ඔන් ලයින් කඳුළු

ධාරාණිපාත වරුසාවය. හීතල ඇඟ ඇටමිදුලු විදින තරම්ය. ඒ සප්තකන්‍යා කඳු පාමුල හැටිය. ඒ අයහපත් කාගුණයන් එහේ මෙහේ වූ සැනින් මේ නොදරුවෝ  නෝට්න්බ්‍රිජ් සප්තකන්‍යා කඳු පාමුල පිහිටි බස් නැවතුමකට පැමිණ සිටිිති.  ඒ ඔන් ලයින් පන්ති සඳහා සිග්ලනල් සොයාගෙනය.

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට අන්තර්ජාල දුරකථන සංඥා නොමැත. නෝටන්බ්‍රිජ් , මස්කෙලිය හා හපුගස්තලාව ප්‍රදේශයේ පාසල් සිසුන් පදිංචි ගෙවල්වල සිට ගිරි දුර්ග මතින් සප්ත කන්‍යා කන්ද පාමුල පිහිටි මේ බස් නැවතුම්පොලට එති.Online

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට මායිම්ව මෙම බස් නැවතුම පිහිටා ඇත. සිග්නල් ඇති තැන මෙතැනය. ඔන්ලයින් ලින්ක් එක ලැබුණු පසු පන්තිවලට සහභාගී වීමට මෙතැනට එන සිංහල දෙමළ දරුවන් සම්බන්ධව ඇසෙන කතා බොහෝය.


ඔන්ලයින් ඉගනුම් ඉගැන්වීම් තාක්ෂණය පිලිබඳ පෙරළිකාර කතා කියන ගෞරවණීය මහත්වරුන්ට මේ රටේ සැබෑ තත්වය තේරුම් ගන්නට බොහෝ දුර බැහැර ගෙවා සප්තකන්‍යා කඳු පා මුලට එන්නැයි අප කියන්නේ නැත. මේ පලවන ඡායාරූපවත් බලන්න. අලි ගහන කලෑවට ගොස් ඔන් ලයින් පන්තිවලටසහභාගීවන කලා වැව දරුවන් ගැන අසා තිබිණි.  ගස්වල මැහි බැඳගෙන ඔන්ලයින් පන්නතිවලට යන ගල්ගමුවේ දරු පැටවු ගැන ලංකාසර අපිම මීට පෙර ලියා තැබුවෙමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ මහත්තුරුන්ට බොහෝ දේ කියන්නට නැත.  රට බයිලා ගායනා නොකර අඩුම තරමින් මේ ප්‍රදේශ ආවරණය කරන අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න. පොඩි උන්ගේ අම්මලා තාත්තලා ණයට සල්ලි හොයාගෙන හෝ බිල් ගෙවාගෙන උන්ට උගන්වනු ඇත.

Exit mobile version