සන්ෂයින් සුද්දා මැරූ බව කී ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට…

පොලිස් අත්අඩංගුවේ සිට ආයුද පෙන්වන්නට ගිය තවත් සැකකරුවෙක් මරා දැමෙයි.....

කීර්ති ප්‍රනාන්දු –

දරුණු පාතාල සාමාජිකයෙකු බව කියන ටින්කර් ලසන්ත නැමැත්තා අද 26 අලුයම කළුතර ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

සැකකරු විසින් සඟවා ඇති බව පැවසූ පිස්තෝලයක් සහ බෝම්බයක් සොයා ගැනීමට ගිය අවස්ථාවේදී සැකකරු පොලිසියට වෙඩි තබා ඇති බවත් එහිදී පොලිසිය ප්‍රතිප්‍රහාර සඳහා සිදුකළ වෙඩි තැබීමෙන් සැකකාර ටින්කර ලසන්ත නමැත්තා මියගිය බව පොලිසිය පවසයි.

මෙම වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සන්සයින් සුද්දාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුන්වන හේවා ලුණුවිලගේ වසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමති මෙම අපරාධකරු තවත් දරුණු අපරාධ රැසකට අවශ්‍යව සිටි අයකු බවද පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකාර ටින්කර් ලසන්ත නැමැත්තාව කළුතර දියගම ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණ. ඔහු සිටියේ පොලිස් අත්අඩංගුවේය.

Exit mobile version