සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සද් භාවයෙන් කරන පරිත්‍යාගයක අවසන් ශතය දක්වා ඵලදායීව යෙදවීම රජයක වගකීම…. ඒ ගැන මා කළ ප්‍රකාශය විකෘති කළ අයටත් ඉදිරියේ දි අපි කරන වැඩේ ගැන තේරේවි…

by editor
ජනවාරි 7, 2025
in පුවත්
Nalinda
Share on FacebookShare on Twitter

සුනාමි එනවා සේම ආධාරත් සුනාමි වන බවත් කළමනාකරණයකින් තොරව  සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබෙන ආධාර ප්‍රයෝජනයක් නොගෙන තැන තැන ගොඩගසා විනාශ වෙමින් යන ආකාරය සියලුම මාධ්‍යයට අවශ්‍ය නම් පෙන්විය හැකි බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ කෙනෙක් සද් භාවයෙන් ලබා දෙන ආධාරය අන්තිම සතය තෙක් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ රජයේ සැලසුම ඉදිරිපත් කිරීමේ දී එම අදහස විකෘතිකර ප්‍රචාරය කරමින් මඩ ගැසූ පිරිසටත් ඉදිරියේ මේ සිදුවන්නට සූදානම් වන්නේ කුමක් දැයි පැහැදිලි වනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ දැන් ධානපතීන්ගේ ආධාර අවශ්‍ය නැද්ද?, භාණ්ඩාගාරයට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩ දැමීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඕනෑ තරම් තියනවා දැයි මාධ්‍යවේදියෙක් ඇසූ පැනයට පිළිතුරු ලබා දෙමිනි.

ඇමතිවරයා ඊට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.

“උදව් උවමනායි. මම කියන්නම් උදව් කරන්න උවමනා විදිහ ඉස්සහට. සෞඛ්‍ය අමාත්‍යාංශයට අයිති ප්‍රාථමික සෞඛ්‍ය ඒකක, ද්විතියික සහ තෘතියික සෞඛ්‍ය ඒකකවලට අවශ්‍යතාවය අනුව දැන් අප සලසන සේවාවව, අපට සපයන්න පුලුවන් කාර්ය මණ්ඩලය අනාගතයේ දී අපට ඒවා සංවර්ධනය කරන්න පුලුවන් ආකාරය කියන ඒ සියල්ලම සලකා බලලා හදලා තියනවා සැලැස්මක්. රෝහල් ඇතුළෙ සැලසුම් තියනවා. ජාතික මට්ටමේ සැලසුම් අපි සකස් කරමින් ඉන්නේ.”

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

“ඒ අනුව සියලු ධානපතියන්ට පරිත්‍යාගශීලීන්ට කිසිදු ප්‍රශ්නයක් නැතිව ඒ සැලැස්මට අනුව උදව් කරන්න පුලුවන්. පැත් ලැබ් එකක් උනත් දෙන්න පුලුවන්. සී.ටී. – එම්.ආර්.අයි නෙමෙයි, ඕනෑම එකක් දෙන්න පුලුවන්. ”

“ඒ සැලැස්මට අනුව ඔබ උදව් කරන්න. උදව් කරන්න පුලුවන් විදිහෙ අරමුදලත් අපි කියන්නම්. ඔබ ඉල්ලනවා නම් අහවල් රෝහලට ඔබට උදව් කරන්න ඕන කියලා ඒකටත් ක්‍රමය හදලා දෙන්නම්. ඒවා කිසිම ප්‍රශ්නයක් නෑ. රජයේ මුදල් වෙන්කරනවා වගේම මේ පරිත්‍යාගශීලීන් මාධ්‍ය ආයතන, හැමදෙනාම කරන උදව් අපි භාරගන්න සූදානම්.”

“සාමාන්‍යයෙන් සෞඛ්‍ය ගැන දන්න අය දන්නවා සුනාමිත් වෙනවා. ආධාරත් සුනාමි වෙනවා. මම ඔබට කියන්නම් ඒ ඒ තැන්වල ගොඩගහලා තියන ආධාර මාධ්‍යවේදීන්ට බලලා විකාශය කරන්නත් පුලුවන්. ”

“කවුරුහරි සද් භාවයෙන් ආධාරයක් ලබා දුන්නහම ඒක අන්තිම සතය දක්වා උපරිම ප්‍රයෝජනයක් වන ආකාරයට වියදම් කිරීම තමයි රජයක වගකීම. ඒවා නිස්කාරණයේ වියදම් කරන්න ගොඩගහන්න දෙන්න අපට උවමනාවක් නෑ. ඉතින් අපි ඒ අනුව කටයුතු කරනවා. මම කළ ප්‍රකාශය විකෘති කරලා පල කළ අයටත් ඒ ගැන විවේචනය කළ අයටත් අවස්ථාව තියනවා ඉදිරියේ දී රජය ඉදිරිපත් කරන සැලැස්ම අනුව ඔබට කැමති තැනක් තෝරා ගෙන ඒ සැලැස්මට අනුව උදව් කරන්න. ”

“ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔබට අදාල දැනුම්දීම කරන්නම්. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය ටික චීනයට පූට්ටු කරයි…

Next Post

අහාර විෂ වී වැලිකන්දේ සිසුන් 09ක් රෝහලේ…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.