සඳුදා සිට අඩුම තරමින් සති දෙකක්වත් රට වසන්න – වෛද්‍ය සංගමය ඉල්ලයි

travel

පවතින කොවිඩ් වසංගත තත්ත්වය පැතිරීම තවදුරටත් කළමනාකරණය කර ගැනීම සඳහා අඩුම වශයෙන් ලබන 14 වැනිදා (සඳුදා) සිට තවත් සති දෙකක් කාලයකට රට වසා තබන ලෙසත් එම කාලය තුළ මීටත් වඩා සංචරණ සීමා දැඩි කරන ලෙසත් ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය යළිත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (11) ලිපියක් යවමින් එම සංගමය ජනාධිපතිවරයා විසින් රට වසා දැමීමට ගත් තීන්දුව අගය කර ඇති අතර ඒ හේතුවෙන් ප්‍රතිඵලදායක ලෙස මෙම වසංගතය ව්‍යාප්ත වීම පාලනය කර ගත හැකි වූ බව පෙන්වා දී ඇත.
සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ගේ අත්සනින් යුතුව යවන ලද මෙම ලිපියෙන් වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් පහත සඳහන් කරුණු 6 සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ඉල්ලා ඇත.
1. ලබන ජූනි මස 14 වැනිදා සිට අඩුම වශයෙන් සති දෙකක කාලයක් යළි රට වසා දැමීම
2. සංචරණ සීමා පවතින තත්ත්වයන්ට වඩා එම කාලය තුළ දැඩි කිරීම මඟින් නිවැසියන් පිටතට යාම හැකි තරම් පාලනය කිරීමට කටයුතු කිරීම.
3. මෙම කාලය තුළ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා වැඩ බිම් සහ කාර්යාල ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිතයන් ආවේක්ෂණය කිරීම, සිදු කරන පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීමට කටයුතු කිරීම, ආශ්‍රිතයන් නිරෝධායනය වැනි පාලන කටයුතු දැඩි කිරීම
4. ඉතා වේගයෙන් පැතිරෙන සහ මාරාන්තික තත්ත්ව වැඩි වශයෙන් අත්කර දිය හැකි නව කොවිඩ් ප්‍රභේද අප රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මේ දිනවල කොවිඩ් ව්‍යාප්තිය උඝ්‍රව පවතින රටවල සිටින සංචාරකයන් මෙරට ට පැමිනීමට අවසර ලබා නොදීම
5. දැනට සිදු කෙරෙන පීසීආර් පරීක්ෂණ බොහොමයක් සිදු කෙරෙන්නේ ආසාදිත බවට සැක කරන අයට සහ නිරෝධායනය අවසන් කිරීමේදි සිදු කරන පිසීආර් පරීක්ෂණ වන අතර ඊට අමතරව සමාජයේ කෙතරම් ව්‍යාප්ත වි ඇතිද යන්න නිවැරදිව හදුනා ගැනීම සඳහා සමාජය තුළින් අහඹු පීසීආර් පරීක්ෂණ සිදු කිරීම වැඩි කිරීම.
6. ජනතාව කොවිඩ් වසංගතය වළක්වා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධයෙන් මීට වඩා දැනුවත් කරන ශක්තිමත් සන්නිවේදන ක්‍රමෝපායයක් ක්‍රියාත්මක කිරීම.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කරුණු හය පිළිබඳව අවධාරණය කරන ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය දැනට රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති සංචරණ සීමාවල නිසි ප්‍රතිඵලයක් ලැබීමටන ම් මේ ආකාරයට රට වසා දැමීමේ තත්ත්වය දීර්ඝ කළ යුතුම බව පෙන්වා දී තිබේ.
මේ අතර එම සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වාර්තා කිරීම සඳහා දැනට පවතින ක්‍රමවේදයේ පවතින අඩුපාඩු පවතින අතර එය මීට වඩා කාර්යක්ෂම සහ විශ්වාසදායී යාන්ත්‍රතුණයක් සකස් කළ යුතු බව පෙන්වා දී ඇති අතර ඊට අදාළ සැලැස්මක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද දන්වා ඇත.

Exit mobile version