සජිත්ලා ගේන ගම්මන්පිලගේ විශ්වාසභංගය ආණ්ඩුවට හයියක් බව රනිල් කියයි

ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයෙන් සිදුවන්නේ ආණ්ඩුව ශක්තිමත් වීම බවත් අද කළ යුතුව ඇත්තේ ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම නොව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගම්මන්පිල ඇමතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය ගෙනඑන විශ්වාසභංගය විපක්ෂයේ වෙනත් කිසිදු පක්ෂයක් අත්සන් කර නැති බව හෙතෙම අනාවරණය කළේය.

වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.


එහිදී තවදුරටත් අදහස් දක්වන රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීම ගම්මන්පිල ඇමැතිවරයාගේ තනි තීන්දුවක් නොවන බවත් ඒ ජනාධිපති අගමැති සහ ඇමති මණ්ඩලය එක්ව ගත් තීන්දුවක් බවත් එවැනි අවස්ථාවක එක් පුද්ගලයෙකුට පමණක් විශ්වාසභංගයක් ගෙන ඒම තුළින් ඔවුන් අතර තිබෙන අසමගිය සමගිය බවට පෙරළෙනු ඇති බවයි.

තමන් විපක්ෂ නායක ධුරයේ සිටියේ නම්, කිසිවිටෙකත් මෙවැනි තීන්දුවක් නොගන්නා බව පැවසූ ඒ මහතා, ආණ්ඩුවේ බෙදීම තවත් තීව්‍ර වීමට ඉඩහැර බලා සිටින බව ද ඔහු බව ද ඔහු සඳහන් කළේ ය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට යන තමන් ආණ්ඩුවට එක්වීමට හෝ එහි තනතුරු ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් තමන් හදවතින්ම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන බවත් හෙතෙම සඳහන් කළේය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම තමන්ගැනීම තමන් මුල සිටම ප්‍රතික්ෂේප කළ බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ බල කිරීම මත සහ රටේ උද්ගතව තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වයන්ට හමුවේ තමන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවට තීරණය කළ බවද හෙතෙම අනාවරණය කළේය.

තමන් පාර්ලිමේන්තු යාමේ ප්‍රධානතම අරමුණ වන්නේ කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ ව්‍යසනයෙන් උද්ගතව අර්බුදවලට විසඳුම් ලබා ලබා දීමට ආණ්ඩුව පෙළඹවීම සඳහා බව ද හෙතෙම කීය.

මේ දිනවල උදය ගම්මන්පිල මහතාට අත්ව ඇති ඉරණම පිළිබඳව චමුදිත සමරවික්‍රම මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ එය කවි පදයකින් විග්‍රහ කළ හැකි බවයි.

එසේ පැවසූ හිටපු අගමැතිවරයා කීවේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාට,

බැසිල්ගේ සෙනඟ වට කරගෙන තෙල් යුද්දේ..
උදය මැතිඳු අද තනියම වෙල මැද්දේ..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යන කවි පන්තියට අදාළ ඉරණමකට ඔහු ගොදුරු වී ඇති බව ය.

Exit mobile version