සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත්… ඔයාලා කල් පැනලා…

by editor
නොවැම්බර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි – 

මෙවර මහ මැතිවරණයේ දී 53,25,108 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය. ප්‍රතිශතයක් ලෙස එය සියයට 31.07කි. දළ වශයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයකි. මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර (1,71,40,354)කි. ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි දහ හට ලක්ෂ පහළාස් දහස් දෙසීය හතලිස් හය (1,18,15,246)කි.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පෙන්වා දුන්නේ ඉන් වළංගු ඡන්ද ප්‍රමාණය එක් කෝටි එකොලොස් ලක්ෂ හතලිස් අට දහස් හයක් (1,11,48,006) බවය. එනම් මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද හය ලක්ෂ හැට හත් දහස් දෙසීය හතලිහක් (6,67,240) ක් ප්‍රතික්ෂේපවී ඇත්තේය. ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන්   සියයට 5.6%ක් ප්‍රතික්ෂේපිතය.

ඡන්දය එපා කළ විපක්ෂය

ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 61.5ක් ලැබී ඇත්තේ ජාතික ජන බලවේගයටය. සියයට 31.07%ක් ඡන්දය භාවිතා කරන්නට පැමිණ නැත. බැලූ බැල්මට පෙනී යන්නේ මේ සියයට 31 අතර අති බහුතරය සජිත් ප්‍රේමදාසගේ සිඟිති ආතල් සහ රනිල් වික්‍රමසිංහ අවසන් භාගයේ ප්‍රකට කළ ” කුහක මහල්ලා” භූමිකාව තුළ අපේක්ෂා සිඳගත්, ඔවුන් වෙනුවෙන් ජනාධිපතිවරණයේ දී ද ඡන්දය ප්‍රකාශ කර කළකිරුණත් මාලිමාවට ඡන්දය ලබා නුදුන් පිරිස බවය.

පසුගිය 2019 ජනාධිපතිවරණයේ දි  සජිත් ප්‍රේමදාස ඡන්ද පනස් පන් ලක්ෂ හැට හතර දහස් දෙසීය තිස් නවයක් (55,64,239 ) සහිතව ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 41.99% ක් ලබා ගන්නේය. සජිත් ප්‍රේමදාස 2020 මහ මැතිවරණයේ දී ලබා ගන්නේ  ඡන්ද 27,71,980කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 23.9කි.  2019 මහ මැතිවරණයේ දී 2020 ජනාධිපතිවරණයට සාපේක්ෂව ඔහු විසින් අහිමි කරගන්නා ඡන්ද ප්‍රමාණය 2,792,259කි.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

මේ ඔහුගේ රටාවය. අවුල රටාව පරිහානියෙන් පරිහානියට යෑමය. 2024 ජනාධිපතිවරණයෙ දී  සජිත් ප්‍රේමදාස   ඡන්ද 4530902ක් ලැබුවේය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 32.76 %කි. මහ මැතිවරණය පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයෙන් දින 50කට ආසන්න කාලයකට පසුය. සාමාන්‍යයෙන් රටේ අත් දැකීම ජනාධිපතිවරණයකට සාපේක්ෂව එම ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුව පිහිටුවන පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩුය.  එහෙත් සිදුවන්නේ වෙනස් වැඩකි. මහ මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාස තමන්ගේ නායකත්වය සහිත සමගි ජන බලවේගයට    ලබා ගන්නේ ඡන්ද 19,68,716කි. දින 52ක් තුළ සජිත් සිය  ඡන්ද 23,94,319 අහිමි කරගෙනය.  එය ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සියයට 17.65%කි.

. යන්තම් කොළඹින් හර්ෂ පැමිණ තිබේ. හර්ෂ කියමින් සිටි ප්‍රායෝගික ආර්ථික ප්‍රතිපත්තිය කුඩු කරමින් එය තුළම විතරකයක් ඇති කරමින් නව අයි.එම්.එෆ්. ප්‍රතිපත්තියක් ගැන කියමින් යන සජිත් ප්‍රේමදාසගේ දේශපාලන වේදිකාව තුළ නිරුත්තරව සිටි මේ විද්වතා පක්ෂයට ලද මන්ත්‍රී ආසන ධූර 4 අතරට තෝරා ගැනීම සම්බන්ධව නම් ඒ ඡන්ද දායකයින්ට කෘතඥ විය යුතුය. එමෙන්ම මුජිබර් මහුමාන් වැනි ජනතාව අතර ඉපදුන දේශපාලකයෙක් ද පාර්ලිමේන්තුවෙන් අත් නොහැරීම වැදගත්ය. මක්නිසා ද යත් කිසිම දේශපාලන බරක් රහිත මරික්කාර් වැනි කටහැකර පුස්සන් ද ඒ මන්ත්‍රී ධූර 4 අතර සිටින බැවිනි.

මනාප සඳහා සල්ලි පොම්ප කරමින් සිටින බවට හිරුණිකාගෙන්ම චෝදනා ලද මරික්කාර් ඇතුලට යන විට දේශපාලනික වශයෙන් කාන්තාවක ලෙස මහ පොළොවේ තීරණාත්මක දේශපාලනයක් කරමින් සිටි තරුණ දේශපාලඥවරියකවන හිරුණිකා එළියේය.

කොළඹින් සජිත් ලබා ගන්නේ ආසන 4කි. ඔහු ඔහුගේ පියානෝ දේශපාලන තිඹිරිගෙය කරගත් මැද කොළඹත් පරාදය. බන්දුල ගුණවර්ධනට අනුව හරියටම කියනවා නම් කුල්ල කුජීතය. එමෙන්ම ඔහුගේ ජාතිවාදී ගෝත්‍රිකවාදී දේශපාලන චරිත රටේ සෑම ප්‍රදේශයෙන්ම ප්‍රතික්ෂේපවී තිබේ. වන්නියේත්, කඳුකරයේත් සම්ප්‍රදායික දේශපාලන ගුඩ්ඩන් විසිවී ගොස්ය. මේ සියල්ලම කියන්නේ සජිත්ගේ ගොබ්බකමට ජනතාව දී ඇති පිළිතුරය. අඩුම තරමින් දැන් මිනිස්සුන්ගේ මට්ටමට හෝ පැමිණ සිතිවිලි අලුත්වැඩියා කරගැනීමට සජිත් ප්‍රේමදාසට සිදුවී තිබේ. එය ක්‍රියාත්මක කිරීමට ඔහුට අවශ්‍ය පෙරපාසල් පාඩම සිට ලබා දීම දේශපාලනය දන්නා ඔහුගේ සහචර මන්ත්‍රීවරුන්වත් කියා නුදී ජනතාවට කියා දෙන්නට ඉඩහළොත් ඔහුටත් අත්වනු ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ ඉරණමය.

රනිල්ගේ පළපුරුදු කට්ටිය

සිලින්ඩරය හැදෙන්නේ ජනාධිපතිවරණයට. ඒ රනිල් වික්‍රමසිංහට ඡන්දයට එන්න තැනක් සොයා ගැනීමටය. පොහොට්ටුවේ අති බහුතරය කඩාගෙන වජිර අබේවර්ධන සහ මනුෂ – හරීන් ඩබල සමග ජානාධිපතිවරණයේ දී රනිල් වෙනුවෙන් අටවා ගත් සිලින්ඩරය ඡන්ද 22,99,767 ලැබුවේය. ප්‍රතිශතය 17.27%කි.

මහ මැතිවරණියේ දී ඔවුන් ලබා ගන්නේ ඡන්ද 5,00835කි. 17,98,932ක් අහිමි කරගනිමිනි. ජනාධිපතිවරණයේ දී රට ගොඩගත්තා යැයි කී රනිල් සිටියේය. එහෙත් මහ මැතිවරණයක දී අටවන ජනාධිපතිගේ අටවා ගත් සිලින්ඩරයට ඡන්දය ලබා දීමට කිසිම සාධනීය හේතුවක් මිනිස්සුන්ට පෙනුනේ නැත. හිටපු අටවන ජනාධිපතිත් ඡන්ද ඉලන්නේ නැතිව මගහැරියේය. අටවන ජනාධිපතිගේ අගමැති දිනේෂ් ජාතික ලයිස්තුවේ අංක 1ට නම දාගෙන පැත්තකට වුනේය.

ජාතික ලයිස්තු ආසන 2ක් ඇති නිසා දිනේෂ් ඇතුළේය. නමුත් සිලින්ඩරයේ මහදැන මුත්තන් රැසක් ගෙදරය. පිල් මාරු කළ හරීන්, මනුෂ, සිය ආධිපත්‍ය මැරයෙක් ලෙස පැතිවූ කාංචන, හැමදාම ඇමතිකම් අපේක්ෂා කළ නිමල් සිරිපාල සහ මහින්ද අමරවීර, හිටපු ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ, පැති මාරු කරමින් බලය රැකගන්නට උත්සාහ කළ අනුර ප්‍රියදර්ශන යාපා සහ චන්දිම වීරක්කොඩි ඇතුළු විශාල පිරිසක් එළියේය.

සියයට 3 මාරු වීම

2019 අගෝස්තු 18 වන දින ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන සංවිධානයක් වන ජාතික ජන බලවේගය මැතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක නම් කළේය. 2019 ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ඡන්ද 4,18,553ක් ලබා ගන්නේය. ප්‍රතිශතය 3.16%කි.

2019 ජනාධිපතිවරණයෙ දී බලය ලබාගෙන රටේ හත්වන විධාය ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ ගෝඨාභය රාජපක්ෂය. ඔහු ඉදිරිපත් වන්නේ පොදු ජන පෙරමුණෙනි. ගෝඨාභය රාජපක්ෂ ලැබූ ඡන්ද ප්‍රමාණය 69,24,255කි. ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් ගෝඨාභය ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 52.25% කි.

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අවුරුදු 05කට පසුවය. 2019 වර්ෂයේ ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 3.16%ක ප්‍රතිශතයක්   ලබාගෙන සිටි ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ඡන්ද 56,634,915ක් සහිතව සියයට 42.315ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන රටේ 09 වැනි විධායක ජනාධිපතිවරයා වෙන්නේය. රටේ විධායක බලය සහ පාර්ලිමේන්තු බලය සහිතව සිටි පොදුජන පෙරමුණ 2024 ජනාධිපතිවරණයේ දී ලබා ගන්නේ ඡන්ද 3,42,781කි. ප්‍රතිශතයක් ලෙස සියයට 2.57කි. ලෝක ඉතිහාසයේවත් මෙවැනි ඡන්ද හායනයක් සිදුවී ඇති දැයි දන්නේ නැත. ඡන්ද හැට හය ලක්ෂයක හායනයක් යනු එක්කෝටි දස ලක්ෂයක් ඡන්ද දායකයින් සිටින රටක ඉතිහාසගත අරුමයකි.

2020 මහ මැතිවරණය පැවැත්වූයේය. ගෝඨාභය රාජපක්ෂ ගේ පොදු පෙරමුණු ආණ්ඩුව ඡන්ද 68,53,690ක් ලැබුවේය. ජනාධිපතිවරණයට සාපේක්ෂව පොහොට්ටුවට ලද ඡන්ද 70,565ක පමණ ප්‍රමාණයක් අඩු විය. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 59.09ක් පොහොට්ටුව ලබා ගත්තේය.

2020 මහ මැතිවරණියෙ දී ජාතික ජන බලවේගය  ලැබුවේ ඡන්ද 4,45,958කි.  එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සමග ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 3ක් හිමි විය. ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 3.84%කි.

2024 මහ මැතිවරණය පැවැත්වෙන්නේ පෙර මහ මැතිවරණයට අවුරුදු 4කට පසුය. 2020 මහ මැතිවරණයේ දී ඡන්ද 4,45,958ක් ලබාගෙන සියයට 3.84ක ප්‍රතිශතයක් ලබා ගන්නා ජාතික ජන බලවේගය ඡන්ද 68,63,186ක් ලබාගෙන සියයට 61.56%ක ප්‍රතිශතයක් අත් කරගන්නේය. ඒ ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ තනි පක්ෂයක් ලෙස වැඩිම බලයක් අත්පත් කරගන්නා දේශපාලන පක්ෂය ලෙසය.  ඡන්ද ලක්ෂ 64ක් අවුරුදු හතරකින් වර්ධනය කරගන්නා ඓතිහාසික වර්ධනයක් ජාතික ජන බලවේගය වාර්තා  කළේය..

දෛවෝපගත සිද්ධිය වන්නේ 2020 මහ මැතිවරණයෙ දී ඡන්ද 68,53,690ක් ලබාගෙන සියයට 59ක ඡන්ද ප්‍රතිශතයක් සහිතව පාර්ලිමේන්තුවේ බහුතර බලය නිර්මාණය කරගන්නා පොදු ජන පෙරමුණ අවුරුදු 4කට පසු මහ මැතිවරණයේ දී ජාතික ලයිස්තු ආසනයක් ද සමග ආසන 03කට සීමා වීමය. ලබා ගත් ඡන්ද ප්‍රමාණය ඡන්ද 3,50,429කි. ප්‍රතිශතය සියයට 3.14කි. පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව සිදුවී ඇති ඡන්ද හායනය දළ වශයෙන් ඡන්ද ලක්ෂ 65කි.

රට වටේ ජාතිවාදි, වර්ගවාදී, ආගම්වාදී තුප්පහි දේශපාලනය පරාජය වී තිබේ. විපක්ෂය දැන් ඉන්නේ අමුඩයෙනි. සාටකයෙන් අමුඩය ගසා ගන්නට නාමල්ට සිදුවී ඇත. හර්ෂලාටත් ටයි එකෙන් අමුඩ ගහගෙන එන්නට සිදුවි තිබේ. ආන්ඩුව වෙනස් වී ඇත. වෙනස්වන ආණ්ඩුව ජනතා අපේක්ෂාව පිළිබිඹු කර තිබේ. ආන්ඩුවට දැන් ඇත්තේ ආණ්ඩුව තුළින්ම ඇති අභියෝගයක් නිසා විපක්ෂ අභියෝගයක් නොවේ.

විපක්ෂයට ඇති අභියෝගය ජනතා අපේක්ෂාවන්ට සාපේක්ෂව තමන්ගේ ගෝත්‍රික හැව ගලවා දමා නව චින්තන ප්‍රවේශයට ආමන්ත්‍රණය කිරීමය. ඔබේ දේශපාලනය නිමා වී ඇති බව දැන් ඔබ තේරුම් ගත යුතුය. යළි ඉපදීමක් අවශ්‍යය. එය කළ නොහැකි නම් වෙනත් කණ්ඩායමක් ඔබේ වගකීම භාරගනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෙවර මහ මැතිවරණයේදී වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයින් 5 දෙනා කවුදැයි ඔබ දන්නවා ද?

Next Post

රට කුජීත කළ මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය…

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.