සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් ඇතුළු 99කට යූ.එන්.පීය තහනම් – ආපහු එනවා නම් රනිල්ගෙන් සතියක්

by Lanka Sara Editor
මැයි 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගය නියෝජනය කරමින් මෙවර මහා මැතිවරණයට නාම යෝජනා භාරදී ඇති එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට අද රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.

පක්ෂ නායක රනිල් වික්‍රම වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉහත යෝජනාව ඉදිරි ඉදිරිපත් කරන ලද්දේ එජාප මහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසිනි.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් අද පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව තිබුණද පැයක් පමණ ප්‍රමාද වී රැස්වීම ආරම්භ විය. සාමාජිකයන් හතළිහකට අධික පිරිසක් පැමිණ සිටි කෘත්‍යාධිකාරී මණ්ඩලයට පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාව අකිල විසින් ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සියලු දෙනාගේ නම් කියවිය යුතු දැයි නායක රනිල් සභාවෙන් විමසා සිටි අවස්ථාවේදී එහි සිටි වැඩි දෙනෙක් ඉල්ලා සිටියේ නම් කියවිය යුතු බව ය. ඒ අනුව පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන ලද 99 දෙනාගේ නම් එකිනෙක කියවීමට අකිලට සිදුවිය.

‘මේ අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමෙන් පලක් නැහැ. ඔවුන් වහාම පක්ෂයෙන් ඉවත් කර පන්නා දැමිය යුතු’ යැයි රවි කරුණානායක, රංගේ බණ්ඩාර යෝජනා කළ අවස්ථාවේ ‘නැහැ. එහෙම ආවට ගියාට කරන්න බැහැ. මේ පක්ෂය වැඩ කරන ක්‍රමවේදයක් තිබෙනවා. අපි හැමදෙනාම පක්ෂ ව්‍යවස්ථාව පිළිගෙන ඒ ව්‍යවස්ථාවට අනුව වැඩ කළ යුතුයි. අනෙක් සමගි ජන බලවේගයට එකතු වුන අය තමන් කළේ වරදක් බව අද අවබෝධ කරගෙන සිටිනවා. එහෙම නම් ඔවුන්ට නැවත මේ පක්ෂයට එක්වීමට අවස්ථාව දිය යුතු’ යැයි කියා සිටියේ සමගි ජන බලවේගය සමග එක්වූ පිරිස් නැවත පක්ෂයට ගැනීමේ යටි අරමුණක් ඇතිවය.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

රනිල්ගේ ඒ ප්‍රකාශයට ජෝන්ට තරමක් කේන්ති ගොස් තිබිණ. ‘ගිය එවුන් මොකටද ආය ගන්නෙ උන්ට යන්නම දෙන්න ඕන. අනික හරි තීන්දු හරි වෙලාවට ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන්වත් කටයුතු නිසි වේලාවට ගත යුතුයි. එහෙම නැතුව මේක කරන්න බැහැ’ යැයි ප්‍රකාශ කළේය.

ජෝන්ගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් රනිල් කියා සිටියේ ‘එහෙම පන්නලා දාන්න බැහැ. ඔවුන්ට වැරැද්ද නිවැරදි කරගන්න කාලයක් යුතුයි. මේ අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ලිපිය යවන විට ඊට පිළිතුරු සැපයීමට දින හතක් ලබා දිය යුතුයි. එම කාලය තුළ පිළිතුරු නොලැබුණොත් ඉන්පසු විනය පරීක්ෂණ පවත්වා ඊළඟ පියවරට යා යුතු’ බවයි.

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත වෘත්තිය සමිති කිහිපයක බලය සමගි ජන බලවේගය නතුකරගෙන තිබෙන බවත්, ඒ බලය යළි එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීම සඳහා පියවර ගත යුතුව ඇති බවත් නවීන් දිසානායක ප්‍රකාශ කිරීමෙන් පසු එම වෘත්තිය සමිතිවල තනතුරට නවකයින් පත් කිරීමේ බලය රනිල් වෙත පැවරීමට අධිකාරි මණ්ඩලය තීරණය කළේය. එසේම සමගි ජන බලවේගය සමග එක් වූ ආචාර්ය හර්ෂ ද සිල්වා දැරූ එජාප භාණ්ඩාගාරික තනතුරට නීතිඥ අස්මි කාසිම් පත්කර ගැනීමට අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය පළවිය.

මෙම රැස්වීම අවසන් කරමින් අදහස් පළ කළ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ කොරොනාව සහ දේශපාලනය පටලවා ගත යුතු නැති බවයි. පසුගිය කාලයේ කොරෝනා මර්දනය සම්බන්ධ යෝජනා රැසක් එක්සත් ජාතික පක්ෂය, රජයට ඉදිරිපත් කළ බවත් ඉන් බොහොමයක් ක්‍රියාවට නංවා ඇති බවත් පැවසීය.

අද කොරෝනා ඉස්සරහට දාගෙන ආණ්ඩුවත් විපක්ෂයත් දේශපාලනය කරන බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහසිංහ මහතා එය ඉතා භයානක ක්‍රියාවක් වන අතර මේ වෙලාවේ කවුරුත් කළ යුත්තේ සියලු ප්‍රශ්න හා මතබේද අමතක කර එකමුතුව කොරෝනා පරාජය කිරීමට බවත් කීය. ඉන්පසු වෙන වෙනම දේශපාලනය කළ හැකි බවත් පසුගිය සති අන්ත පුවත්පත් හා සමාජ මාධ්‍ය කිහිපයක ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා කර ඇතැයි ප්‍රවෘත්ති පළ කර තිබුණත් එහි කිසිදු සත්‍ය සත්‍යතාවක් නැතැයි මෙහිදී ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවට වඩා අද වැදගත් වන්නේ කොරෝනා රැල්ලට මුහුණ දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ගැනීම බවත් ඒ අනුව කොරෝනා මර්දනය සම්බන්ධව නම් රජය සමඟ සාකච්ඡා පවත්වන බව වැඩිදුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැකො රජයේ මුද්‍රණාලය සීරුවෙන් තබයි

Next Post

පෙත්සම් විභාගය විනිසුරු මඩුල්ල නව දිනටත් රැස්වෙයි…

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.