හරින් ප්‍රනාන්දු මහතා මැතිවරණ වේදිකාවකදී කළ ප්‍රකාශයක් හේතුවෙන් කිසියම් සිත් තැවුලක්,සිත් රිදීමක් සිදුවූවානම් තමන් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්ගෙන් සමාව ඉල්ලා සිටින බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වරදක් හෝ අතපසුවීමක් දුටු විට එය නිවැරදි කිරීමට තමන් පසුබට වන්නේ නැති බවත් ඒ මහතා කීය.
මේ අතර අගරදගුරුතුමන් සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
Discussion about this post