සජිත්ගේ සමාව ගැනීම ගැන හරීන් කනස්සල්ලෙන්

 

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තමා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ අගරදගුරුතුමාගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීම ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වේ.

තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සජිත් මහතා සමාව ගෙන ඇත්තේ තමාගෙන් හෝ පක්ෂයේ සාමාජිකයන්ගෙන් නොවිමසා හිතුමතේ වීම හරීන් ප්‍රනාන්දු මහතාගේ කනස්සල්ලට හේතු වී ඇත.

ඒ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අද දිනයේ ප්‍රකාශයක් කිරීමට ද සූදානම් වන බව සඳහන් ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා යම් කළකිරීමකට පත්ව ඇති බව ද වාර්තා වේ.

Exit mobile version