බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සඟ සතු දේ ජන සතු වෙයි: මල්වතු මහ වෙහෙරෙන් සහ දළදා මාළිගාවෙන් විපතට පත් ජනතාවට  නැවත පදිංචිය සඳහා ඉඩම්…  

by editor
ජනවාරි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතිහාසය පුරා මෙරට රාජ්‍ය පාලනයට මඟ පෙන්වූ මහා සංඝරත්නය, වත්මන් සමාජ-ආර්ථික අර්බුද හමුවේ යළිත් වරක් සිය අපරිමිත මානුෂීය මෙහෙවර ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වා ඇත. අද (01) දිනයේ  මහනුවර සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක   මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී,  දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වී  නිවාස අහිමිවූ  ජනතාව වෙනුවෙන් ඉඩම් ලබා දීම පිළිබඳ වැදගත් තීරණ කිහිපයක් ප්‍රකාශයට පත් විය.

  • මල්වතු මහා නායක හිමියන්ගේ පරිත්‍යාගය

මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ විසින්, මල්වතු මහා විහාරයට අයත් පර්චස් 130ක භූමි භාගයක් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා රජයට පවරා දීමට පියවර ගත්හ. එම ඉඩමේ ඔප්පුව  මහා නායක හිමියෝ ජනාධිපතිවරයා අතටම පිළිගැන්වූහ.

මෙම අක්කරයකට ආසන්න ඉඩම පරිත්‍යාගයේ අරමුණ වූයේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන්  නායයෑම් ඇතුළු විවිධ ආපදාවලට ලක්වූ සහ නිවාස අහිමි පවුල් සඳහා සුදුසු නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමය.

විහාර සතු ඉඩම් මහජන ප්‍රයෝජනය සඳහා මෙලෙස නිදහස් කිරීම සංඝයා වහන්සේ සහ ජනතාව අතර ඉතිහාසගතව පැවති අවියෝජනීය සම්බන්ධතාවය යළිත්  වරක් සංවේදී ලෙස ඉස්මතු වූ අයුරු දුටුවෙමු.

  • දළදා මාළිගාවෙන් අක්කර 200ක දැවැන්ත ප්‍රදානයක්

මීට සමගාමීව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල    විසින් තවත් සුවිශේෂී ප්‍රකාශයක් සිදු කරන ලදී.  ජනාධිපතිවරයා ඒ සම්බන්ධව මල්වතු මහා නායක හිමියන් සමග ද සාකච්ඡ කළේය.  ඒ අනුව දළදා මාළිගාව සතු ඉඩම්වලින් අක්කර 200ක ප්‍රමාණයක් ජනතාව යළි පදිංචි කරවීම සඳහා ලබා දී තිබේ. ඒ පිටිගොඩ ප්‍රදේශයෙනි. ඒ ඉඩම් ප්‍රමාණය උඩුනුවර ප්‍රදේශයේ ව්‍යසනයට පත් ජනතාව පදිංචි කිරීමට  ප්‍රමාණවත්ය.  ජනාධිපතිවරයා මල්වතු මහා නායක හිමියන්ට පැවසුවේ දිසාපතිවරයා දැනටමත් එම ඉඩම් පවරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

දිට්වා සුළි කුණාටුවෙන්  පූර්ණ වශයෙන් හානි වූ නිවාස ගණන 4,500 ඉක්මවන්නේය.   අර්ධ වශයෙන් හානි වූ නිවාස සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස්ය. තවත් නිවාස ප්‍රමාණයක්  අවදානම් භූමිවල පිහිටා ඇත්තේය. එම නිවාසවලට හානි වී නැතත් නැවත පදිංචි විය නොහැකිය.  පූර්ණ වශයෙන් හානි වී ඇති අවදානමක් කලාපයන්හි පැවතුන නිවාස  ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් අවශ්‍යය. එම ඉඩම් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ  අධීක්ෂණයට ලක්ව අනතුරු රහිත බව තහවුරු විය යුතුය.  එම ජනතාව ජීවත් වූ  පරිසරයට නුදුරින්ම ඔවුන් යළි ස්ථාවර කළ යුතුය.

මේ අර්ථයෙන්  දැවැන්ත ආපදාවකට ලක් වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ගැඹුරු ප්‍රවේශයක් දළදා මාළිගාව විසින් දක්වා තිබේ.  අනෙක් අතින්  මහනුවර නගරය සහ අවට ඉඩම්වලින් අති බහුතරයක ප්‍රමාණයක්  රජ කාලයේ සිට පැවත එන්නේ දළදා මාළිගාව සහ මල්වතු අස්ගිරි පන්සල් භාරකාරිත්වය යටතේය.

මෙම ඉඩම් නිසි පරිදි හඳුනාගෙන, විනිවිදභාවයකින් යුතුව සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් තෝරා ප්‍රදානය කිරීම  සඳහා රජය විසින් විශේෂ කමිටුවක් හරහා කටයුතු කිරීමට නියමිතය. ජනාධිපතිවරයා මහා නායක හිමිවරුන් වෙත සහතික වූයේ මෙම උතුම් පරිත්‍යාගය කිසිදු දේශපාලන අරමුණකින් තොරව නියමිත ජනතාව වෙතම ළඟා කරවන බවය.

ආපදාවක්   මහා  සමාජ මානුෂීය ප්‍රවේශයන් විවර කරන්නේ ඒ ආකාරයටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සම ලිංගික සහකරුවන්  සොයා  ගන්නා වෙබ් අඩවිවල නම්   මුද්‍රණය කළ  06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිරුවත් කරන  හැටි….

Next Post

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක දිගුවක් ඇතුළු කිරීම…  CID විමර්ශන සමග NIE අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස් වෙයි…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.