දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ගල්කිස්ස ප්‍රදේශයේ කුප්‍රකට මත් ජාවාරම්කරුවකුවන ශිරාන් බාසික් ගේ පුත්‍රයා සමග රුපියල් ලක්ෂ 220ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් ජීප් රථයක් රත්නපුර පුදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ..
ඩුබායි සිට මත් ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සිය පියා විසින් මත් කුඩු වෙළෙදාමෙන් උපයන ලද මුදල්වලින් මිලදී ගත් බවට සැක කරන මෙම රථය සඟවා තබාගෙන සිටිය දි අත්අඩංගුවට ගෙන ඇත.
මෙයට අමතරව මෙම ජාවාරම්කරුවාට අයත් බව කියන වැල්ලවත්ත පුදේශයේ හෝටලයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
ඔහුට අයත් බවට සඳහන් තවත් දේපළ කිහිපයක්ම හඳුනා ගනිමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.







