පසුගිය මස තුළ ගුවන් යානා දෙකක් හදිසි ගොඩබැස්වීම් කළ සකුරායි ඒවියේෂන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන ඉංජිනේරුවරයා අද කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම පසුපස ගුවන් යානා දෙකක් අනතුරට පත්වීමට ඉඩහරිමින් ගුවන් යානා ඉන්ධනවල සංයුතිය වෙනස් කිරීමේ සිද්ධියක් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
සකුරායි ගුවන් සමාගමේ අත්අඩංගුවට පත් කළමනාකාර අධ්‍යක්ෂවරයා රත්මලාන ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි. එහි ප්‍රධාන ඉංජිනේරුවරයා වයස අවුරුදු 46ක් පමණ වන හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට පත් වන්නේ පසුගිය 20දා පයාගල මුහුදු තීරයට සකුරායි ගුවන් සමාගමේ සැහැල්ලු ගුවන් යානයක් නියමුවන් දෙදෙනෙක් සමග හදිසි ගොඩබැමකට ලක් කිරීම සහ පසුගිය 27 දා එම ගුවන් සමාගමටම අයත් සෙස්නා 172 (Cessna 172 ) වර්ගයේ ගුවන් යානයක් කටුනායක ගුවන්පථයට ආසන්නයේ කිඹුලාපිටිය පත්තායම්වත්ත වෙල් යායට හදිසි ගොඩබැස්වීම සම්බන්ධව කළ විමර්ශනයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
පොලිසිය කීවේ සැකකරුවන් විසින් මනුෂ්‍ය ජීවිතයට හෝ වෙනත් තැනැත්තෙකුගේ පෞද්ගලික ආරක්ෂාවට හෝ අන්තරාදායකවන අන්දමට සැහැසි ලෙස හෝ නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීම හා එවැනි ක්‍රියාවකින් පුද්ගලයෙකුට තුවාල හෝ බරපතල තුවාල කිරීම සඳහාවන දණ්ඩනීති චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙතින් තාක්ෂණික වාර්තාවක් කැඳවා තිබිණි.
එහිදී සිදුකළ විමර්ශනයේ දී ගුවන්යානා සඳහා භාවිත කළ ඉන්ධන සංයුතිය වෙනස් කිරීම සම්බන්ධව හෙළි වී මෙන් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.