උදයංග වීරතුංගගෙන් සංචාරක සභාපතිනියට ප්‍රහාරයක් – ප්‍රසන්න රණතුංගටත් වැරදි උපදෙස් දෙන්නේ මේ අය ?

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු ඇතුළු අදිසි හස්ත කිහිපයක් මෙරට සංචාරක ව්‍යපාරය දැඩි සේ නියාමනය කිරීමට කටයුතු කරන බවත් දැනට තමන් විශ්වාස කරන ආකාරයට මෙම සභාපතිවරිය සිටින තෙක් සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට ඉඩක් නොලැබෙනු ඇති බවත් රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග පවසයි. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යු ටියුබ් නාළිකාවට අදහස් දක්වමින් වීරතුංග මහතා මෙම සභාපතිනිය ඇතුළු සංචාරක බලධාරීන්ට සිය අප්‍රසාදය පළ කළේය.

එහිදී ඔහු පවසා සිටියේ වසංගත තත්ත්වය හමුවේ පවා ශ්‍රි ලංකාවට පැමිණීමට සංචාරකයන් බලාරොත්තුවෙන් සිටියද ඔවුන් පෙරට වඩා දැඩි නියාමනයකට ලක් කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවය. විශේෂයෙන් මෙරට පැමිණීමේදී රටවල් ගණනාවකට මෙරටට පැමිණි පසුව වීසා ලබා ගැනීමේ හැකියාව පැවතුණද මේ වනවිට එම තත්ත්වය නැති කර ඇති බවත් සංචාරකයන් පැමිණීම අඩාළ වීමට එය විශාල වශයෙන් බලපා ඇති බවත් ඔහු සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාටද උපදෙස් දෙන්නේ සංචාරක අධිකාරියේ නිලධාරින් බවත් ඔවුන් අමාත්‍යවරයාටද වැරදි චිත්‍රයක් මවා ඇති බවත් උදයාංග වීරතුංග සඳහන් කළේය.
“ ප්‍රසන්න රණතුංග ඇමතිවරයත් මට චෝදනා කළ අවස්ථා තිබුණා. ඊට හේතුව මේ නිලධාරීන් ඇමතිවරයාටත් වැරදි උපදෙස් දීම මෙම නියාමන ක්‍රම වැරදියි. මම සංචාරකයන් ගේන එක නතර කරන්නේ නෑ. කිමාලි එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. නමුත් සංචාරයන් නියාමනය කිරීම ගැන මම විරුද්ධයි. මම කියන්නේ අපි මේ එන සංචාරකයන්ට දොරවල්අරින්න ඕන. දැනට නියාමන වැඩපිළිවෙළ තියෙනව නම් මම දකින්නේ නෑ ඉදිරියේ දී ප්‍රගතියක්. 2020ට කලින් දවසකට ඇවිත් කියනවා 3000ක් විතර තවම කිමාලිට බැරිවුනා මාසයකට 3000ක් ගේන්න.


Exit mobile version