සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු දෛනික කොවිඩ් මරණ 100 වීමේ අවදානමක්..GMOA කියයි…

Covid-Death

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය මෙරට පැතිර යාම පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් දැනට දෛනිකව සිදුවන මරණ 50ක් වන සංඛ්‍යාව 100 දක්වා වැඩිවිම වලක්වා ගත නොහැකි වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.

ඉන්දායානු ඩෙල්ටා ප්‍රභේදය පැතිර යන මෙවන් අවස්ථාවකදී රට තුළ පනවා ඇති සංචරණ සීමාවන් ඉවත් කිරීම ඉතා භයානක ප්‍රතිපල ඇති කරන්නක් විය හැකි බව සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පෙන්වාදේ.

දැනට පනවා ඇති සංචරණ සීමාවන් තුළදී වුවද ඇතැම් නීති රීති දැඩි කරමින් කටයුතු කිරීමෙන් පමණක් මෙම රෝගය වලක්වා ගත හැකි වනු ඇතැයිද එසේ නොවුණහොත් රෝගීන්ගේ සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී රෝහල් ධාරිතාවය ඉක්මවා යාම වැලැක්විය නොහැකි වනු ඇතැයිද වෛද්‍ය කොළඹගේ සඳහන් කරයි.

Exit mobile version