බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ෂැංග්‍රිලා සීනි ජාවාරම පමණක් නොව, ෂැංග්‍රිලා පොල්තෙල් ජාවාරමත් විමර්ශනය කළ යුතුයි”

පාඨලී චම්පික රණවක

by Lanka Sara Editor
මාර්තු 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • රුපියල් කෝටි 1,600 ක් කොල්ලකෑ සීනි වංචාව
  • සීනි වංචාව කළ ආණ්ඩුවේ ගජ මිතුරාම සිදුකළ බිලියන 20 කට ආසන්න පොල්තෙල් වංචාව
  •  අත්‍යාවශ්‍ය ඖෂධ පවා ආනයනය සීමාකර තිබියදී, පොල්තෙල්, මේද සහ සීනි ගෙන්නුවේ කොහොමද?
  • තම ගජමිතුරන්ට අරමුදල් සම්පාදනය කිරීමට සිදුකරනා ආණ්ඩුවේ ගැසට් කෙරුවාව
  •  ගජ මිතුරන්ගෙන් සීනි කාපු අය අද පක්ෂ විපක්ෂ දෙකේම ඉන්නවා

 

අද මේ රටේ ඉතාම දූෂිත, ඉතාම පාදඩ දේශපාලනයක් ක්‍රියාත්මකවීම හරහා ඉතාමත්ම නරුම ගජ මිතුරු, අළු දුෂ්චරිතවත් ධනවාදයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්, ධනයට සම්පූර්ණයෙන්ම යටවූ මේ අශීලාචාර ක්‍රමය වෙනස් කර ගැනීමට නොහැකි වුවහොත් රට නැවත ගොඩගැනීමට බැරිතැනට පත්වන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

රටේ සියළුම ජනතාවට කෝවිඩ් වසංගතයෙන් බේරීම සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත මිලදීගැනීමට වැයකළ හැකිව තිබූ මුදලක්, තනි ව්‍යාපාරිකයෙකුට සීනි වංචාවෙන් කොල්ලකෑමට ලබාදී තිබෙන බවද, තවත් එවැනිම ආකාරයේ දැවැන්ත මූල්‍ය වංචාවක් සීනි වංචාව කළ ගජ මිතුරාටම පොල්තෙල් ගෙන්වීම හරහා ලබාදී තිබෙන බවද චම්පික රණවක මහතා සඳහන් කර සිටී.

ආණ්ඩුවේ ගජ මිතුරන් හරහා රට තුළ ක්‍රියාත්මක කරවන දැවැන්ත මූල්‍ය වංචා හා දූෂණ සම්බන්ධයෙන් අදහස් පළකරමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, සීනි වංචාව, පොත්තෙල් වංචාව වැනි දැවැන්ත මූල්‍ය වංචාවන් සිදුකළ පුද්ගලයින් සහ ඊට සම්බන්ධ ආණ්ඩුවේ හා විපක්ෂයේ සියලු පිරිසගේ පැටිකිරිය ඉදිරියේදී හෙළිදරව් කරනා බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් පළකළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා,

“අද හැම තැනම කතාව සීනි වංචාව. ඉතාම පැහැදිළිව මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කටයුතු කරපු ජාවාරම්කාර ව්‍යාපාරිකයෙකුට දෙන්නෙකුට මේ රටේ ජනතාවගේ කහට කෝප්පයෙන් රුපියල් කෝටි 1,600 ක් කොල්ලකන්න දීම ගැන තමයි සීනි වංචාවෙන් කියවෙන්නේ.

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට මුදල් අමාත්‍යාංශයෙන්ම ඉදිරිපත් කරපු වාර්තාවෙන් බොහොම පැහැදිළිව මේ සීනි වංචාව හෙළිදරව් කරල තියෙනවා. මුදල් ආමාත්‍යාංශය නම් කියන්නේ ඒ අය වරදක් කළේ නෑ, ඒ අය සීනි වලට තිබුණු රුපියල් 50 ක බද්ද සත 25 ට අඩු කිරීම මඟින් පාරිභෝගිකයාට සහනයක් දෙන්න සහ පාරිභෝගිකයාට රුපියල් 85 ට සීනි දෙන්න තමයි බලාපොරොත්තු වුණේ කියල. ඒ වගේම ඒ බලාපොරොත්තුව කඩ කළේ වෙළෙඳ අමාත්‍යාංශය සහ සතොස ආයතනය කියල තමයි කියන්නෙ.

මේ වංචාවේ පැති දෙකක් තිබෙනවා. එකක් තමයි රුපියල් 70 කට පමණ ලෝක වෙළෙඳපොළෙන් ගන්න පුළුවන් සීනි කිලෝව රුපියල් 85 ක් 90 ක් වගේ ගාණක් දාල තමයි ලංකාවට ගෙනල්ල තියෙන්නෙ. එතකොට එතැනත් හැම සීනි කිලෝවකින්ම රුපියල් 15 ක් 20 ක් පමණ විදේශ ධනය මේ රටින් පිට කරන මුදල් විශුද්ධිකරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට මේ සීනි රුපියල් 130 ට විකුණන තැනට වෙළෙඳ අධිකාරියක් පවත්වගෙන ගිහින් තියෙනවා.

බොහොම කයිවාරු ගහල හමුදා නිලධාරියෙක් පත් කළා, මේ රටේ පාරිභෝගික අධිකාරිය කරගෙන යන්න. ඒ වගේම මේ රටේ වෙළෙඳ ඇමතිවරයා හැටියට නිරන්තරයෙන්ම මේ බඩුමිළ ගැන බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කතා පවත්වනවා. නමුත් ඇත්තටම මේ මුදල් අමාත්‍යාංශයෙන් දුන්නාය කියන සහනය ජනතාවට ලබාදෙන්න ඒ අය සමත්වෙලා නෑ.

සතොස මේ සීනි රුපියල් 127 ගාණෙ අරගෙන ඒ හරහා තවත් රජයට පාඩුවක් කරලා තියෙනවා, ඒ සතොසෙන් මේ සීනි ඇතැම් පාරිභෝගිකයන්ට රුපියල් 85 ට විකිණීම මඟින්. ඒ කියන්නේ රුපියල් 70 ට ගෙනල්ලා, රුපියල් 127 ට සතොසට විකුණලා, නැවත සතොස රුපියල් 85 ට විකුණලා දෙපැත්තකින් ජනතාව ගසා කෑමක් වෙලා තියෙනවා. ඊට අමතරව රුපියල් 70 සීනි, රුපියල් 85, 90 ගාණෙ බිල් දාල එමගින් ඩොලර් ප්‍රමාණයක් ලංකාවෙන් පිටතට අරන් යන මුදල් විශුද්ධිකරණයකුත් කරල තියෙනවා.

මේ දැවැන්ත සීනි වංචාවේ 40% ක ප්‍රතිශතය උසුලන්නේ අර සුප්‍රසිද්ධ විල්මා පිරමීඩ් ආයතනය. සජාත් මවුසුන් මහතා පසුගිය කාලෙ බොහොම ප්‍රචලිත වුණා මේ වංචාවන් සම්බන්ධයෙන්. මෙතෙන්දි කියන්න ඕන මේ සීනි වංචාව විතරක් නෙවෙයි, මොහුම මැදිහත් වෙලා තවත් වංචාවක් කළා. ඒ තමයි පොල්තෙල් වංචාව. මම පාර්ලිමේන්තුවේ පෙන්වලා දුන්නා පසුගිය 2019, 2020 දිහා බලනකොට මේ රටේ සියළුම අත්‍යාවශ්‍ය ඖෂධ පවා ආනයන සීමාවකට ලක්වෙලා තියෙද්දි, පොල්තෙල් සහ මේද ගෙන්වීමත්, ඒ වගේම සීනි ගෙන්වීමත් අසාමාන්‍ය විදියට 2020 දි වැඩිවෙලා තියෙනවා කියලා. 38% කින් සීනි ආනයනය, 270% කින් පොල්තෙල් හා මේද ආනයනය වැඩිවෙලා තියෙනවා.

2019 දි ඩොලර් මිලියන 25 ක් 26 ක් වෙච්ච තෙල් හා මේද ආනයනය 2020 වර්ෂයේදී ඩොලර් මිලියන 107 ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. මේ ආනයනය ඉහළයාම වාර්තා වෙන්නෙ 2020 ජූලි මාසෙන් පස්සෙ. ඇයි ? ජූලි මාසෙදි මුදල් අමාත්‍යාංශය මේ විදියම ගැසට්ටුවක් මඟින් අර පොල්තෙල් කිලෝවකට තිබුණු බද්ද ඉවත් කළා. ඒ බදු ඉවත් කළාට පොල්තෙල් මිළ නම් වෙළඳෙපොලේ අඩු වුණේ නැති බව පොල්තෙල් ගන්න යන සෑම පාරිභෝගිකයටම තේරෙනවා. ලීටරය රුපියල් 400 කට වැඩි ගාණකට තමයි පොල්තෙල් මිලදී ගන්න වෙන්නෙ. එතකොට ඒකත් කා අතටද යන්නෙ ? ඒකත් යන්නෙ මේ විල්මා පිරමීඩ් ආයතනයට. ජනතාවගේ පොල්තෙල් ටිකෙනුත් මේ සෞභාග්‍යයේ මඟ කොල්ලකාල තියෙනවා.

මේකෙන් මුදල් අමාත්‍යාංශයට ගැලවෙන්න පුළුවන්ද පාරිභෝගික අමාත්‍යාංශයටයි, සතොසටයි බන්දුල ගුණවර්ධන ආර්ථිකවේදියාටයි ඇඟිල්ල දිඟු කරලා ? බැහැ. මුදල් අමාත්‍යාංශය මෙහෙයවන ජනාධිපති කාර්යාලයේ ඉන්න ප්‍රධානීන් දැනුවත්ව අද මේ ගැසට්ටු පාවිච්චි කරනවා තමන්ගේ ගජ මිතුරන්ට අරමුදල් සම්පාදනය කිරීම සඳහා.

ඇලෝසියස්ගෙ සිද්ධිය වගේම මේ ගජ මිතුරන්ගෙන් සීනි කාපු අය අද පක්ෂ විපක්ෂ දෙකේම ඉන්න බව අපි මතක තබාගත යුතුයි. ඒ නිසා මේ ගජ මිතුරන්ගේ සහායෙන් පසුගිය කාලෙ මැතිවරණ කරපු අය, සීනි ගජ මිතුරන්ගේ සහායෙන් සමහර වරදාන වරප්‍රසාද ලබාගත්ත අය හෙළිදරව් කිරීම දැන් සිදුවිය යුතු කාරණාවක්. මොකද මේක අර වානීජ අමාත්‍යාංශයට වරද පැටවීමෙන් පමණක් බේරගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මේක රාජපක්ෂලාගේ තවත් දැවැන්ත මූල්‍ය වංචාවක් හැටියට හඳුනාගන්න පුළුවන් ප්‍රශ්නයකුත් නෙමෙයි, මොකද මේ වංචනිකයෝ අද අර අර්ජුන ඇලෝසියස් වාගෙම හැමෝම බෙදාහදාගෙන කෑම මගින් මේ සිද්ධිය යටපත් කරන්න පුළුවන් කියල හිතන මානසිකත්වයකට පත්වෙලා ඉන්නවා. ඒ නිසා ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත වගේම මේ පොල්තෙල්, සීනි වංචාවෙන් ගත්ත මුදල් කා අතටද ගියේ කියන එක රටට හෙළිදරව් කරගැනීම දැන් ඉතාම අත්‍යාවශ්‍යයි.

මේවා නිකංම සීනි විතරක් නෙමෙයි, මේවා ශ්‍රැන්ග්‍රීලා සීනි. මේ ශ්‍රැන්ග්‍රීලා සීනි කාපු අය කවුද කියන එක ගැන සොයා බැලීම මේ රටේ ජනතාවට බාරයි. ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තුවෙනවා මේ ශ්‍රැන්ග්‍රීලා සීනි කාපු අයගේ පැටිකිරිය ඉදිරියේදී හෙළිදරව් කරන්න. මේ හෙළිදරව් කිරීම්වලින් විතරක් මේක නතර කරගත යුතු නෑ. මොකද මේ රටට, සියළුම ජනතාවට අර ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදීමට තරම් මුදලක් මේ තනි ව්‍යාපාරිකයෙකුට සීනි වංචාවෙන් කොල්ලකන්න දුන්නා. ඒ වගේම තවත් දස ලක්ෂ දහස් ගාණක් පොල්තෙල් වංචාවෙන් කොල්ලකන්න අවස්ථාව ලබාදීල තියෙනවා. මේ රටට ගෙන්වන ලද පොල්තෙල්වල වටිනාකම ආසන්නයෙන් ගත්කල රුපියල් බිලියන 20 කට ආසන්න මුදලෙන් තුනෙන් එකක් පමණ රුපියල් බිලියන 6 කට අධික ප්‍රමාණයක් මේ අය මේ බදු සහනය හරහා කොල්ලකා ගත්ත බවට දැන් ඇතැම් ආර්ථික විද්‍යාඥයින් තොරතුරු අඟවනවා. මේ පිළිබඳව නිවැරදි තොරතුරු අපි ඔබට ඉදිරියේදී ගෙන එනවා. ශ්‍රැන්ග්‍රීලා සීනියි, ශ්‍රැන්ග්‍රීලා පොල්තෙලුයි කාපු අයට ඉදිරියේදී ජනතාව ඉදිරියේ වග උත්තර බඳින්න වෙයි.

සෞභාග්‍යයේ මග, විනය ගරුක සමාජයක් හමුදා නිලධාරීන් යොදවලා හදන්න පුළුවන්, මේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න විනය ගරුකව පුළුවන්, ආදී වශයෙන් ප්‍රකාශ කරල ආපු ගමන් මඟ දැන් සීග්‍රයෙන් සිම්බාබ්වේ මඟට පැමිණිලා තියෙනවා.

අපි මේ ප්‍රශ්නය තේරුම්ගත යුතුයි. මේ රටේ ඉතාම දූෂිත, ඉතාම පාදඩ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ හරහා ඉතාමත්ම නරුම ගජ මිතුරු, අළු දුෂ්චරිතවත් ධනවාදයක් ක්‍රියාත්මක වෙමින් යනවා. මේක පරාජය කරන්න අරයගෙන් මෙයාට, මෙයාගෙන් අරයට කරන්න බෑ. මොකද ඒ හැමෝම මේ අයගේ කුඩු කෑව වගේ, සීනි කාල, පොල්තෙල් බීල තියෙන කට්ටිය නිසා.

ඒ නිසා අප මතක තබාගත යුතුයි දැන්වත් කුසලතාවයෙන්, නිපුණතාවයෙන් මේ රට ගොඩගන්න පුළුවන් අවංක පරපුරක් ගොඩනැගීමෙන් මෙහා මේ අර්බුද හෙළිදරව් කිරීමෙන් හෝ මේ අර්බුද උසාවියට ගෙනයාමෙන් හෝ මේ අර්බුද වමාරා තලුමරා කෑමෙන් හෝ අරයට මෙයාට ඇඟිල්ල දික් කිරීමෙන් හෝ විසඳන්න නොහැකියි.

මේක තමයි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ස්වභාවය. මේක තමයි රාජ්‍ය නිලධාරීන්ගේ ක්ෂේත්‍රයේ ස්වභාවය. මේක තමයි දේශපාලනයේ බලය උසුලන, නූසුලන අයගේ ස්වභාවය. ධනයට සම්පූර්ණයෙන්ම යටවෙච්ච මේ අශීලාචාර ක්‍රමය වෙනස් කර ගැනීමට රටට නොහැකි වුණොත් මේ රට නැවත ගොඩගන්න බැරිතැනට පත්වෙන්න නියමිතයි.

අපි අධෛර්ය වෙන්න ඕන නෑ, බලාපොරොත්තු කඩකරගන්න ඕන නෑ. මේ රට ගොඩනගන්න පුළුවන් ශක්තිමත් බලයක් අපි හැමෝම එකට එකතුවෙලා ඉදිරි කාලයේදී ගොඩනගාගත යුතු බව”ද චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ රෙද්ද ගැලවූ සීනි බද්ද ගිල්ලේ පිරම්ඩ් විල්මාර්ද?

Next Post

“අසාද් සාලි අත්අඩංගුවට ගන්න”

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.