බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂම්මි එන්න… බන්දු එන්න… ටිරාන් ඉන්න රොෂාන් යන්න…

by editor
නොවැම්බර් 29, 2023
in පුවත්
Bandu
Share on FacebookShare on Twitter

අපේ අත්තම්මා හරිම අපුරු කතා කාරියකි. මං පුංචි සන්දියේ දී උන්දෑ මෙහෙම කතාවක් මට කියා දුන්නාය.

දුර්වාසස් නමැති සෘෂිවරයා ගේ ශාපයක් නිසා ඉන්ද්‍ර දෙවියෝ දුබල වූහ. ඔහු අසුරයනට එරෙහිව කළ සටනේ දී පරාජයට පත් විය. කරගත දෙයක් නුහුණු තැන  සුරසේනා පිරිවැරෑ ඉන්ද්‍ර තෙමේ  විෂ්ණු දෙවියන් වෙත ගොස්  පිහිටක් අයැද සිටියේය.   

එවිට විෂ්ණු දෙවියන් මෙවන් උපදෙසක් දුන්හ.  “අමරණීය වීම සඳහා කිරි සයුර කළඹා අමෘතය ගෙන පානය කළ යුතුය. “ එම උපදෙස් ප්‍රකාරව කිරි සයුර කැළඹීමෙන් ලැබෙන මහා අනර්ඝ වස්තු බෙදා ගැනීමේ එකඟතාවය මත  එකිනෙකාට සතුරු වූ මුත් සුරයෝත් අසුරයෝත් එකතු වූහ.

මහා මේරු පර්වතය වාසුකී නම් නාග රාජයාගේ සිරුරෙහි ඔතා  මන්තයක් සකසාගෙන් සුර අසුර  සන්ධානය  කිරි මුහුද කැළඹූහ. ඉතින් මහා අනර්ඝ වස්තු 14ක් ද සමග  අමෘතය පහළ විය. සුරයෝ අමෘතය සොරකම් කළහ. එහිදී පහළවුන ලක්ෂ්මී විෂ්ණු දේවයන් තමන්ගේ අඹුව කරගත්හ. ඉතිරි අනර්ඝ වස්තු සුර අසුර සන්ධානය අතර බෙදිනි.

අපේ රටේත් එහෙමය. සුරයෝත් අසුරයෝත් එකතුව කිරි මුහුද ලඹන්නෝය. එසේ කළඹන විට ලැබෙන සම්පත් බෙදා ගන්නෝය. එය වෙනම කතාවකි. මේ කිරි මුහුද කැළඹීමේ කතාව එකපාරටම සිහියට ආවේ ඔය වඳුරු කුණුහරප ගැන කියන්නට නොවේ.  සුර අසුර සන්ධානයක නායකයා වූ ජනාධිපතිතුමා පහල කරගත් මහා අනර්ඝ සම්පතක් ගැන කියන්නට කිරිමුහද  කැළඹීමේ කතාව හැර වෙනත් උපමාවක් සොයා ගන්නට නොහැකි වුන නිසාය.

බොහෝ ගැඹුරු  කැළඹීමකින් පසු  අපේ ගෞරවණීය ජනාධිපතිවරයා අද (29)  උදේ  මහත් වූ සම්පතක් පහළ කර ගෙන ඇත්තේය.  මේ සටහන තබන්නේ ඒ උත්කර්ෂවත් සොයා ගැනීම    පිළිබඳ තුටු පහටුව හත් දා මගුල් කන  මේ රටේ බහුතර හුදී යන්යන්ගෙන්  එකෙක් හැටියටය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මේ දූෂිත රටේ පොලිස්පතිකම දෙන්නට නිකැළැල් චරිතයක් ජනාධිපතිවරයා  සෙව්වේ සෑහෙන කාලයක සිටය.  නිකැලැල් චරිතය සොයා ගන්නට ගරු ජනාධිපති තුමා දැරූ අප්‍රමාණ වෙහෙස සම්බන්ධව ඇත්ත වශයෙන්ම එතුමාට ජාතියේ ගෞරවය හිමි වන්නේය. හිටපු පොලිස්පතිවරයාට මාස තුන බැගින් සේවා දිගු දෙකක් ලබා දී අනතුරුව සති තුනේ රීලෝඩ් තුනක් ලබා දුන්නේය.

ඒ නිකැළැල් පොලිස්පති සොයා ගන්න තුරුය. හිටපු පොලිස්පතිවරයාත් රීලෝඩ් කාරයෙක් කර කුජීත වීමෙන් පසු යන්තම් ජනාධිපතිවරයා විසින් නිකැලැල් පොලිස්පතිවරයා සොයා ගත්තේය.

ඒ  දේශබන්දු තෙන්නකෝන් මැතිඳුන්ය.

මෙතුමා සොයා ගැනීමට මුළු පොලිසියම පීරන්නට වූ ආකාරය  මේ රට දැක්කේය. පොලිස්පති කම ලැබෙනු ඇතැයි වූ චකිතය නිසා කවදාවත්   තනතුරු වරදාන හෝ වරප්‍රසාද වෙනුවෙන් ස්වකීය ප්‍රතිපත්ති පාවා නුදුන් මේ නිකැලැල් මිනිසා සිටියේ කාටවත් නොපෙනෙන සේ සැඟවීය.

කවදා හෝ ඔහුට පොලිස්පතිකම ලැබෙනු ඇතැයි ඇතියි යන හැඟීමෙන් උපන් පිළිකුළ  නිසා එතුමා බොහෝ පරිස්සමින් කටයුතු කළේය. එතුමා  කවදාවත්  සමාජය ඉදිරියට ගොස්  කැපී පෙනෙන තුට්ටු දෙකේ ෂෝ දැම්මේ නැත. නීතිය අකුරටම කළේය. පොලිස්පතිකම බලාගෙන ඇතැමි කෂඩයින් දේශපාලකයින් ඉදිරියේ වැඳවැටෙද්දී   කිසිම දේශපාලඥයෙක් ලඟ වැද වැටෙන්නට නොගිහින් සිය කශේරුව කෙලින් තබා ගත්තේය.

එවැනි විශිෂ්ටයෙක් සොයා ගැනීම ලේසි නැත. අන්තිමට ජනාධිපතිවරයා ඔහුව සොයාගෙන වැඩ බැලීමට හෝ පොලිස්පති කම ලබා ගන්නට ආයාචනා කළේය.

රටේ විධායක ජනාධිපතිවරයා කළ ඉල්ලීම අහක දමන්නට බැරි තැන දේශබන්දු තෙන්නකෝන් මැතිඳුන් මාස තුනක් සඳහා පොලිස්පතිකමේ වැඩ භාරගෙන ඇත.

ඒ ඔබට කීවේ මේ කතාවේ කිසිවෙක් නොදන්නා ඇතුළු පැත්තය. ඇත්තටම මේ රට නිවැරදි මාවතට රැගෙන යෑම සඳහා ජනාධිපතිවරයා අප්‍රමාණ වෙහෙසක් දරන්නේය. එතුමා අද පවසා තිබුණේ හැමදාම බංකොලොත් භාවයේ නොසිට දියුණු වෙන්න නම්  රැඩිකල් වෙනසක් මේ රටට අවශ්‍ය බවය.

දෙයියම්පා ඇත්තය. එතුමා දැන් ඒ අප්‍රමාණ වෙනස සිදුකරමින් යන්නේය. දේශබන්දු තෙන්නකෝන නව පොලිස්පතිවරයා පත්වීම ඒ රැඩිකල් ගමනේ යෝධ පියවරකි. එක එක ගෝතයන් බලු කතා කීවාට ගරු ජනාධිපති තුමා එවා නියපොත්තෙන් උඩට ගණන් ගත යුතු නැත. එතුමා  මේ රැඩිකල් පාරේම යා යුතුය.

එවගේම පට්ට හොරෙක් වූ රොෂාන් රණසිංහට පුකට පයින් ගසා එළවපු විදිහ මේ රටේ සියලුම දෙනා බලා සිටියේ මහා ආශ්වාදයකිනි. එවැනි රැඩිකල් තීන්දු රටක නායකයෙකු ගේ වගකීමකි.

පහුගිය කාලය පුරාම රොෂාන් රණසිංහ ගේම ඉල්ලුවේ මේ රට නොව ලෝකයම පිළිගන්නා ෂම්මි සිල්වා වැනි මනුස්සයෙකුගෙනි.  ෂම්මිට අයි.සී.සී. එකේ තියන සම්බන්ධකම් මත එක වචනයකින් ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න තිබිණි. එහෙත් ඒ වැදගත් මහත්මයා තමන්ගේ ඇති වැදගත්මට ඒ ආකරයේ තීන්දුවක් ගත්තේ නැත.

රටට රැඩිකල් වෙනසක් කිරීමට අවශ්‍ය වන්නේ එවැනි කලාතුරකින් හමුවන වැදගත් මිනිසුන් මිස රොෂාන් රණසිංහ වැනි ගොබ්බයින් නොවේ.

ගරු ජනාධිපති තුමාගේ මේ  කළමනාකරණ පරිචය සම්බන්ධව උඹලාට කොහොම වෙත්ත මේ ලියන මට නම් මහා ආඩම්බරයක් උපදවන්නේය. එසේ කියන්නේ තර්කයක් මත පිහිටාය.   දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාට  පොඩි කාලයකට හෝ පොලිස්පතිකම නොලැබුනා නම් ටිරාන් අලස් මැතිතුමා මහජන ආරක්ෂක ඇමතිකමින් අස් වෙන්නටත් ඉඩ තිබිණි. එසේ සිදුවුනා නම් රට මහා අනතුරකට වැටෙන්නේය

එතුමාට අස්වීමට ඉඩ නොදී    දේශබන්දු මැතිතුමාට එපා කියද්දී  පොලිස්පතිකම දෙන්නට ජනාධිපතිතුමා කළ තීන්දුව තවත් පැත්තකින් පෙන්වන්නේ ජනාධිපතිවරයාගේ වෙනසක් සඳහාවන රැඩිකල් නැඹුරවය.   රොෂාන් රණසිංහ පන්නා දමා ෂම්මි සිල්වා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිකමේ ස්ථාවර කිරිමට කටයුතු කිරීම ඒ රැඩිකල් දිගුවේ එක් පැහැදිලි අන්තයක් රූපණය කරන්නේය.

රැඩිකල් නම් රැඩිකයල්. වංගු නැත. රැඩිකල් වෙනස්කම් නම් මේවාය. මේ වෙනස්කම් කිරිමේ දී වෙලේ සුදා, හරක්කටා වැනි පුද්ගලයින්ගෙන් පවා මේ රටට ගත හැකි යහපත් ප්‍රයෝජන ගැන කල්පනා කළ යුතු බවට මේ රටේ බොහෝ දෙනෙක් කල්පනා කරති. ඒ හැරුණු විට කන්න ටිකක් බඩට නැති මේ රටේ තුට්ටු දෙකේ හිඟන්නන් කියන දේවල් අහන්නම අවශ්‍ය නැත. එසේ අසනවා නම්  විධායක ජනාධිපති තනතුර ඕනෑ නැත.

කොටින්ම ඔබතුමා මේ කටයුතු කරගෙන යන අභීත ආකාරය ගැන අපට ඇත්තේ මහා මෙව්වා එකකි.  රට ස්ථාවර වෙනවා කියන්නේ   පට්ටයටම වෙනවාය. කිරි ටික ඉතිරෙන්න ඔන්න මෙන්නය. ඒ නිසා කිරි ටික ඉතිරෙනකම් පරිස්සමින් ඉන්න.

ඉතින් ගරු ජනාධිපති තුමනි.  විශේෂයෙන් මේ දවස්වල  පරිස්සමින් එළියට බහින්න.     බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන  අවපීඩන තත්ත්වය නිසා හරියට අකුණු ගහන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදත් කීවේය.

මොකද සොබා දහම අපි තරම් ඉවසන්නේ නැති නිසාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආදි සිසු ජනපති රාජකීය සිසුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිළිසඳරක…

Next Post

දේශබන්දු වැඩබලන පොලිස්පති බවට පත්කිරීම කාදිනල් තුමා පිළිකුලින් යුතුව හෙළා දකී… මේ පත් කිරීම මහා ම්ලේච්ඡ කමක් – කතෝලික සභාව කියයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.