ශුද්ධ විදේශ සංචිත පහළ යාමේ බිය මහ බැංකු අධිපති තුනී කරයි!

අගෝස්තු මාසයේදී රටේ ශුද්ධ විනිමය  සෘණාත්මක අගයකට වැටීම වැරදි අර්ථ නිරූපණයක් සහ අනවශ්‍ය බියක් බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි. මෙවැනි අවස්ථා 15කට පමණ රට මීට පෙරද මුහුණ දී ඇති අතර මේ තත්ත්වය පාලනය  සඳහා අඛණ්ඩ ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින බැවින් පීඩාකාරී තත්ත්වය  තරමක් පාලනය කර ඇති බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

රටේ පවතින දළ විදේශ සංචිත ප්‍රමාණය චීන මහජන බැංකුවේ ඩොලර් බිලියන 1.5 ක හුවමාරු පහසුකම හේතුවෙන් දැනට ඩොලර් බිලියන 4.1 ක් ව ඇති බවද ඔහු සඳහන් කරයි.

මහ බැංකුවේ  ශුද්ධ විදේශ විනිමය තත්ත්වය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 962 දක්වා පහත වැටී තිබූ රටේ සංචිතවලට වඩා ජූලි මාසයේදී ඩොලර් මිලියන 400 ගෙවීම් සමඟ සෘණාත්මක මට්ටමකට පැමිණ තිබුණි.


කෙසේ වුවද  කබ්රාල් මහතා කියා සිටියේ එක් ගනුදෙනුවකින් මෙම සෘණාත්මක තත්ත්වය ධනාත්මක ලෙස ආපසු හැරවිය හැකි වන බවය.

විදේශ සංචිත වර්ධනය කිරීම සඳහා අපගේ පියවර පසුගියදා අප ඉදිරිපත් කළ කෙටිකාලීන මාර්ග සිතියමේ  විස්තර කළා. අභියෝග මධ්‍යයේ වුවද 2020 දී ගෙවූ සමාන මුදලකට වඩා මේ වසරේ මේ දක්වා ඩොලර් බිලියන 6 ක් වටිනා විදේශ ණය ශ‍්‍රී ලංකාව ගෙවා තිබෙනවා“ යනුවෙන් ද ඔහු පැවසීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි පංකා මහ බැංකුවේ ඉදිරි මාස 6 සඳහා  කෙටිකාලීන මාර්ග සිතියමට අනුව, ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලය තුළදී ඩොලර් බිලියන 7 කට ආසන්න ප්‍රමාණයක් සහ ලබන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළදී ඩොලර් බිලියන 11 ක් පමණ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ගණන් බලා තිබේ. ලබන වසරේදී ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 5 ක විදේශ ණය ආපසු ගෙවීම් ඇති අතර 2023 සහ 2027 අතර කාලය තුළ තවදුරටත් ඩොලර් බිලියන 25 ක වගකීමක් පවතී

Exit mobile version