මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200න් දෙසීයම ලබා ගත් සිසු සිසුවියන් 10ක් සිටින බව විභාග කොමසාරිස් සනත් පූජිත ලංකාසරට පැවසීය. ශිෂ්‍යත්ව දිනාගත් සිසු සිසුවියන් විසි දහසකට වැඩි සංඛ්‍යාවක් සිටින බවත් ඔහු හෙලිදරව් කළේය.
වසංගත අවදානමක් සහිත කාලයක මෙතරම් කඩිනමින් මෙම ප්‍රතිඵලය නිකුත් කරගැනීමට හැකි වූයේ විදුහල්පතිවරුන්ගේ, රාජකාරියේ යෙදුණු ගුරුවරු ඇතුළු විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කැපවීම නිසා බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කීවේය.
ඉදිිරියේ දී පවතින වභාගවලත් මේ ආකාරයෙන්ම කඩිනමින් ප්‍රතිඵල නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.