ශිෂ්‍යත්ව විභාගයෙන් 200න් 200 දිනූ සිඟිති හපන්නු මෙන්න

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉතිහාසයට එක් වන්නේ 200ක් වූ සමස්ථ ලකුණු ප්‍රමාණයම අත් කරගත් පුංචි හපනුන් 10 දෙනෙක් වාර්තා වීමෙනි. මේ ඒ විශිෂ්ටයන් දස දෙනාය.

නම                                                   පාසල

එම්.එෆ් මොහොමඩ් අමර්                    මරදාන සහිරා විද්‍යාලය


ඒ.එච් සිහත් සන්දිනු                          ඇරැව්වල ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය

දෙව්ලි යසස්මි තිලකරත්න                   ඉංගිරිය සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලය

එම්.ඩී.එච් සස්මිත ගුණතිලක                කලුතර, බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය

එස්.ඩී. සියති විතුම්සා                          ගාල්ල, සංඝමිත්තා බාලිකා විද්‍යාලය

ඩබ්ලිව්. ඒ තසිඳු කවිශාන්                    තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය – කදුරුපොකුණ

පී.කේ.දොවිඳු චිරන්ජිත්                       ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය

එච්.එම් සෙනුදි දම්සරා                        ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලය

එච්.එම් තේනුජ මනුමිත බණ්ඩාර         පොළොන්නරුව සිරිපුර ප්‍රාථමික විද්‍යාලය

යෙහාර යෙත්මිණි ඈපා                       මහනුවර උසස් බාලිකා විද්‍යාලය

ශිෂ්‍යත්ව විභාගයට අයදුම් කළ අයදුම් කරුවන් ප්‍රමාණය 3 31741ක් බවත්, විභාගයට පෙනී සිටි අයදුම් කරුවන් ගණන 326 264ක් බවත් රජය නිවේදනය කරයි.

විභාග මධ්‍යස්ථාන 2936ක විභාගය පැවැත්විනි. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ගණන 496ක් විය.

විභාගයට ඇයදුම් කළ විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් ගණන 552කි.  දෘශ්‍යාබාධිත හා පූර්ණ අන්ධ පිරිස 116කි.  ස්නායු ආබාධ සහිත 92කි. ශ්‍රවණාබාධ සහිත 142කි. වෙනත් ආබාධ සහිත 202කි.

කොවිඩ් රෝගී තත්වයන් හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිට අයි.ඩී.එච් රෝහලේ 03ක් ද, අසාදිත දරුවන් 2ක් ද, අපේක්ෂා රෝහලේ දරුවන් 3ක් ද විභාගයට පෙනී සිටියහ.

උත්තර පත්තර ඇගයීම් කළ කාල සීමාව 2020.10.22 සිට 2020.10.30 දක්වා කාල සීමාව තුළය. ඇගයිම් මණ්ඩල 390ක, පරීක්ෂකවරු 4680ක් මේ වෙනුවෙන් කැප වූහ.

මේ ප්‍රමාණයෙන් ශිෂ්‍යාධාර දිනාගත් සිසුන්ප්‍රමාණය 20000ක් බවත් විශේෂ අවශ්‍යතා සිසුන් සඳහා ශිෂ්‍යාධාර සංඛ්‍යාව 250ක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version