ලලිත් චාමින්ද –
ගාල්ල නගරයේ පිහිටි ජනප්රිය පාසලක ඉගෙනුම ලබන ශිෂ්යනායකයෙකු විසින් එම පාසලේ 11 වසරේ සිසුන් තිදෙනෙකුට අද (03) දහවල් පහරදී ඇති අතර එම සිසුන් තිදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
කොණ්ඩය නොකපා පැමිණීම නිසා පහරකෑමට ලක්වු සිසුන් තිදෙනා සහ ශිෂ්යනායකවරයා අතර ඇතිවු මත ගැටුමක් හේතුවෙන් ශිෂ්යානායකයා විසින් මෙම සිසුන්ට පහර දී ඇති බව පරික්ෂණවලදී අනාවරණය වි ඇත.
පහරදිමෙන් සිසුන් තිදෙනා සුළු තුවාල ලබා ඇති අතර එම සිසුන් තිදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වැනි වාට්ටුවේ ප්රතිකාර ලබති.
මෙම පහරදීම සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් පරික්ෂණ පවත්වයි.