සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශාෆ්ටර් සිය දිවි හානි කරගෙන ද?… විමර්ශකයින්ට සැකයි ලු…

by editor
දෙසැම්බර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රකට ව්‍යාපාරික නායක දිනේෂ් ෂාෆ්ටර් සිය දිවි නසා ගෙන ඇති බවට විමර්ශන අංශවලට සැක පහළ වී ඇති බව වාර්තා වේ.

සිය දිවි නසා ගැනීම සම්බන්ධ සැකය

මේ සැකය මුලින්ම ඇති වී තිබෙන්නේ දිනේෂ් ෂාෆ්ටර් ගේ ගෙලේ ගැටගසා තිබූ වයර් කැබැල්ලට සමානකම් දක්වන වයර් කැබැල්ලක් පසුගිය  සෙනසුරාදා  ඔහුගේ නිවස පරීක්ෂා කළ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඔහුගේ නිවසින් හමුවී තිබීම නිසා යැයි කියැවේ.

එමෙන්ම ඔහුගේ අත් සිරකර තිබූ ආකාරයේ ප්ලාස්ටීක් ලොක් ඔහුගේ කාමරයේ තිබී හමුවී ඇති බවත් වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාරතමේන්තු නිලධාරීන් මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.

ෂාෆ්ටර්  බොරැල්ල කනත්තේ සිය මෝටර් රථය තුළ රියදුරු අසුනේ සිටයදී සොයාගන්නා විට දෑත් ගැට ගසා වයරයකින් ගෙල තද කර තිබූ බව පොලිස් වාර්තාවල සඳහන් වෙයි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම ෂාෆ්ටර් සිය නැන්දනියට ලියන ලද ලිපියක් කෙරෙහි විමර්ශකයින්ගේ  අවධානය යොමුව ඇති අතර ” මේ වගේ  හොඳ  දුවක්  හදලා මට ලබාදුන් අම්මාට බොහොම  ස්තුතියි” යන අදහස සහිත හැඟීම්බර අදහස් එහි අන්තර්ගත බව සඳහන්ය.

එමෙන්ම ඇයට යවන ලද එම අදහස් සහිත කෙටි පණිවිඩයක් සම්බන්ධයෙන්ද  විමර්ශකයන්ගේ අවධානය යොමු වී තිබේ.

ෂාෆ්ටර් පසුගිය 15 වැනිදා බොරැල්ල කනත්තට ගොස් ඇත්තේ බිරිය සමග  එංගලන්තය බලා යාමට හෝරා කිහිපයක් තිබියදීය.

එහිදී ඔහු මෝටර් රථය ස්ථානගත කර ඇත්තේ සුසාන භූමියේ ”අනාථ පැත්ත” ලෙස හඳුන්වන ප්‍රදේශයේය.     එම ප්‍රදේශය  පැති තුනකින් ආවරණය වන ස්ථානයක් බවට හඳුනාගෙන තිබේ.

සමාගම් කිහිපයක හිමිකරුවකු වන දිනේෂ් ෂාෆ්ටර් සිදුකරන ලද ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි ගණනක්    මුදල් ආයෝජනය කළද එම මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ලබා ගැනීමට නොහැකි වීමෙන්    ඔවුගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතැයි මේ වන විට අනාවරණ වූ තොරතුරු අතර ඇතැයි කියැවේ.

පවුලේ සමීපතමයින්ගේ ප්‍රකාශවලින් හෙළිවී ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදීගත්  රුපියල් කෝටි 300 ක් පමණ වටිනා ඉඩමක්  පළාත්බද මාර්ග සංවරධන අධිකාරියට පවරා ගෙන ඇති බවය.

යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ වී සිදුකළ ව්‍යාපාරයකට ආයෝජන කළ කෝටි 85 ක මුදලක් ද නැවත ඔහු වෙත නොලැබීමත්, ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් වෙත ලබා දුන් රුපියල් කෝටි 160 ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය  සහ තවත් කෝටි ගණනාවක ව්‍යාපාරික ගනුදෙනුවලින් රුපියල් කෝටි 2,000 ක් පමණ ඔහුට පාඩු සිදුවී ඇති බවය.

එසේම ඔහු පදිංචිව සිටි කුරුඳුවත්ත මල් පාරේ නිවස  විකිණීම සඳහා පුවත්පතක දැන්වීම් පළකර තිබූ බවත්  පවුලේ සමීපතමයන්ගේ ප්‍රකාශවලින් අනාවරණ වී තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් දිවි නසාගත්තේද යන්න සම්බන්ධයෙන් සැක මතු වන්නේ මේ නිසා බව වාරතා වේ.

ඝාතනයක් ද?

කෙසේ වෙතත් ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඔහු මියගොස් ඇත්තේ පිටුපස සිට ගෙළ තද කිරීමකින් බව අධිකරණ වෛද්‍ය වාරතාවල සඳහන් බව පැවසිනි.

එමෙන්ම ඔහු බොරැල්ල කනත්තට පැමිණ ඇත්තේ කොළඹ 07 ගුණපාල මළලසේකර මාවතේ රොඩ්‍රිගෝස් ලෙජන්ඩ්‍රි ෆ්ලේවර් අලෙවිසලෙන් කෙටි කෑම පාරසල් දෙකක් ද සමගය. ඉන් එක් කෙටි කෑම කොටසක් ඔහු විසින් අනුභව කර ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත. අනෙක් කෑම පාර්සලයට සිදුවූ දෙයක් ගැන තවම දන්නේ නැත.

ඔහු බේරා ගැනීමට පැමිණි කනත්තේ සේවකයාගේ ප්‍රකාශය අනුව අත් සහ ගෙල තදින් ගැටගසා තිබී ඇත. එමෙන්ම වාහනය අසල සිට වේගයෙන් කෙනෙක් නික්ම යන අයුරු ඔහු දැක තිබූ බව මාධ්‍යයට කීවේය.

තවද බ්‍රයන් තෝමස් හමුවීමට අවශ්‍ය බව දන්වමින් ඔහු වෙත කෙටි පණිවිඩය යවා ඇත්තේ  ෂාෆ්ටර් ට අනතුර සිදුවූ පසුව දැයි මුලින්ම  විමර්ශන අංශවලට සැක පහළ වී තිබිණි. 

දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් විමර්ශන ක්‍රියාත්මකව පවතී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මූලික බෙහෙතුත් හිඟ රට මළ ගෙයක් නොකර මුව අවරණ පළඳින්න… චීනය යළි කොවිඩ් ව්‍යසනයක බව සෞඛ්‍ය අංශ සිහි කරයි…

Next Post

ශ්‍රී ලංකන් ණය පොලී ගෙවන්න ණය හිමියන්ගෙන් කල් ඉල්ලයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.