ශ්‍රී ලංකා- සිම්බාබ්වේ එක්දින සටන හෙට පල්ලෙකැලේ දී

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (15) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක දසුන් ශානක හෙට පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කරමින් පැවසුවේ විනය විරෝධී හැසිරීම් හේතුවෙන් තරග තහනමකට ලක් වී සිටි කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් බවත් ඔහු පිතිකරණය ආරම්භ කරනු ඇති බවත්ය.

දසුන් ශානක පවසන පරිදි කඩුළු රැකීම කුසල් මෙන්ඩිස් හෝ දිනේෂ් චන්දිමාල් සිදු කරනු ඇත.


ඔහු අංක 6 ලෙස පිතිකරණයට එක්වෙයි.
ආබාධයකට ලක් වූ මිනෝද් භානුකට ආවරණයක් ලෙස නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට එක් කර තිබේ.

දුෂ්මන්ත චමීර කොවිඩ් සුවය ලබා ඇති නමුත් ඔහුට පළමු එක්දින තරගය අහිමි වීමට ඉඩ ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සහ වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සමඟ තරඟ වැදීමට නියමිතය.

Exit mobile version