ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංචිත අලුත් වෙයි

ලබන නොවැම්බර් මස චීනයේ පැවැත්වීමට යෝජිත ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් ශූරතාව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි වොලිබෝල් සංචිත තේරිම් තරගවලින් පසුව නම් කර තිබේ. එම සංචිත දෙකටම අලුතින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව තිබීම විශේෂත්වයකි.

නොවැම්බර් මස 28 වැනිදා සිට දෙසැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සියලුම වොලිබෝල් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුද හමුදාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේ.

පසුගියදා පැවැති තේරීම් තරග සඳහා තෝරාගත් 12 දෙනකුගෙන් යුත් සංචිත දෙකක් අතර පැවැති තේරීම් තරගවලින් පසුව කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකට හය දෙනා බැගින් නම් කර තිබේ. අදාළ තේරීම් තරග  ජාතික තරුණ සේවා සභාව පුහුණු මධ්‍යස්ථානයේ පිහිටි වෙරළ වොලිබෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.


නම් කරන ලද සංචිත ලබන 16 වැනිදා සිට හෙයියන්තුඩුව ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේදී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංචිතය

වයි.එච්.එස්.මලින්ත යාපා, කේ.ඒ.කේ. ඉන්දික ටිරෝන්, පී.කේ. ජයාන් සනුජ, කේ.ජී.රොෂාන් සමන්ත, ඩබ්.එල්.සුජීව චින්තක, අශේන් රශ්මික

කාන්තා සංචිතය

ජේ.එච්.දිනේෂා ප්‍රසාදනි, එම්.ජී.දීපිකා බණ්ඩාර, ඒ.කසුනි තාරුකා ලක්ෂානි, චතුරිකා මධුෂානි, ඩබ්.ෂෙහානි අසංගා, නිර්මාණි සුලෝචනා

පුහුණුකරුවන්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජුඞ් මහේෂ් පෙරේරා (ප්‍රධාන පුහුණුකරු – (පිරිමි), පුබුදු කුමාර ඒකනායක (ප්‍රධාන පුහුණුකරු (කාන්තා), අසංක ප්‍රදීප් කුමාර (සහය පුහුණුකරු (පිරිමි), තක්ෂිලා නිරංජලී ගුණසිංහ (සහය පුහුණුකරු (කාන්තා)

Exit mobile version