කොවිඩ් වසංගතයේ උච්ඡ අවස්ථාවකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාවට මෙම වසංගත තත්ත්වය මෙල්ල කිරීමේ කටයුතු හමුවේ ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දෙන්නට සිදුව තිබේ. එයින් එකක් වන්නේ එන්නත්කරණය සාර්ථක කර ගැනීමට පවතින බාධාව වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට පසුගිය වසරේ මෙන් මෙම වසරේ මෙම වසංගත පාලනය හමුවේ ප්‍රතිචාර දැක්වීමේ බාධා මතුව තිබිම අනෙක් හේතුවයි.
පසුගිය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් ඇද්හම් ග්‍රේබියේසස් අවධාරණය කළේ ශ්‍රි ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මේ වනවිට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රටවල් අතරට සිටින බවයි.
මෙම රටවලට ඉක්මනින් වෛද්‍ය සැපයුම් ආධාර ලබා දිය යුතු බව පෙන්වා දුන් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ සඳහන් කළේ මෙම හදිසි වෛද්‍ය ආධාර අව්‍යය රටවල් කෙරෙහි ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රමාණවත් අරමුදල් නොමැති වීම අභියෝගයක් බවය.
2020 වසරේ කොවිඩ් පාලනය සඳහා බොහෝ රටවල් ඉදිරිපත් වී ලෝක සෞඛ්‍ය සංවිධානයට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දුන්නද 2021 වසරේ යළිත් ඉස්මතු වන රටවලට අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම් සඳහා තවමත් ප්‍රමාණවත් මුදල් ලැබී නොමැති බවය.
එසේම ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන් තවත් කරුණක් වූයේ මේ වනවිට ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් එන්නත් සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවය.
ඔවුන්ට එන්නත් ලබා දීම සඳහා යුනිසෙෆ් ආයකනය සමඟ එක්ව නිර්මාණය කළ කොවැක්ස් පහසුකම ට එන්නත් මාත්‍රා මිලියන 190ක් ලබන ජූනි මාසය වනවිට ලැබිය යුතු නමුත් එන්නත් නිෂ්පාදකයන් විසින් මේ වනවිට දෙනු ලැබඇත්තේ මාත්‍රා මිලියන 65ක් පමණ වව ඔහු පෙන්වා දුන්නේය.
රටවල් අතර පවතින අධික ඉල්ලුම, ඉන්දියාවේ සීරම් ආයතනය කොවිඩ් වසංතය හේකුවෙන් අපේකෂිත සැපයුමක් ලබා දීමට නෙහැකි වීම ඇතුළු හේතු ගණනාවක් මීට බලපා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එන්නත් නිෂ්පාදකයන් අතුරින් මේ වනවිට අපේක්ෂිත ඉල්ක්කවලට එන්නත් නිපදවන්නේ ඇස්ට්‍රාසෙනෙකා සමාගම පමණක් යයිද ඔහු එහිදි සඳහන් කළේය.
ශ්‍රි ලංකාවේ ඇස්ට්‍රා සෙනෙකා ඉන්දියානු එන්නත වන කොවිෂීල්ඩ් එන්නත මෙරට ජනගහණයෙන් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයකට ලබා දුන්නද එහි දෙවන මාත්‍රාව සම්පූර්ණ කිරීම සඳහා තවමත් ප්‍රමාණවත් එන්නත් මෙරටට ලැබී නැත. දැනට පවතින මාත්‍රා ලක්ෂ 6ක හිගය සොයා ගැනීම සඳහා රජය මේ වනවිට බොහෝ විමසීම් සිදු කෙරුණද එය සාර්ථක වී නැත.