බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොන්ත්‍රාත් සේවක සේවිකාවන් 400කට වැඩි පිරිසක් ඉවතට!

කොවිඩ් මුවාවෙන් ඊටීඑෆ් /ඊපීඑෆ් නවතලා - අවුරුද්දක් වැටුප් නෑ

by Lanka Sara Editor
අප්‍රේල් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයේ මුවාවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේ සිට තාවකාලිකව වැටුප් රහිත නිවාඩු යැවූ කොන්ත්‍රාත් පදනමේ සේවක සේවිකාවන් 400කට අධික පිරිසක් ඊයේ සේවයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ගුවන් සමාගම පියවර ගෙන තිබේ. මෙසේ ඉවත් කළ සේවක සේවිකාවන් අතර, ගුවන් නියමුවන්, ගුවන් සේවිකාවන් සහ flight coordinators මෙන්ම ground handling අංශයේ සේවක සේවිකාවන් ද ඇතැයි වාර්තා වේ.

ඉවත් කළ සේවක සේවිකාවන් 2019 ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවයට එක් වූ අයවලුන් වීම විශේෂත්වයක් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ සේවක සේවිකාවන් ඉවත් කිරීම කොවිඩ් වසංගතයට මුවා වී සිදු කළ දේශපාලන පළිගැනීමක් බවට ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට චෝදනා එල්ල වෙමින් තිබේ. වැටුප් රහිතව නිවාඩු යැවූ මේ පිරිසගේ ඊටීඑෆ් සහ ඊපීඑෆ් ද මාස 12කට අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබිණි.

එවැනි චෝදනාවක් එල්ල වී ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් වැටුප් ගෙවා ගත නොහැකි තත්වයක පසුවන බව පෙන්වමින් එසේ ඉවත් කළ සේවක සේවිකාවන් වෙනුවට ශ්‍රී ලන්කන් සමාගම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල පරිශ්‍රය තුළ පිහිටි Airport and Aviation Services (Sri Lanka) (Private) Limited ආයතනයේ පිරිසක් එම පුරප්පාඩු සඳහා පුහුණු කරවමින් සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන බැවිනි.

ඉවත් කළ සේවක සේවිකාවන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට බඳවා ගැනීමේදී Sri Lankan Aviation Collage පාඨමාලාව සඳහා යොමු කර තිබූ අතර, රැකියාවේ නිරතව සිටින අතරතුරදීම එක් එක් වර්ගීකරණය යටතේ ඔවුන් හදාරා ඇති එම පාඨමාලාව සඳහා රුපියල් දෙලක්ෂ පනස්දහසේ සිට ඉහළ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ලෙස දන්වා තිබේ. ඒ අනුව ඔවුන්ගේ වැටුපෙන් එම මුදල කපා ගැනීමට කටයුතු කර ඇති අතර, බොහෝ සේවිකාවන් ලක්ෂ ගණන් මුදල් ගෙවා එම පාඨමාලා ගාස්තුව සම්පූර්ණයෙන්ම ගෙවා නිම කර ඇත.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

එම පාඨමාලාව ප්‍රමිතියකින් යුක්ත එකක් නොවන බවත්, පාඨමාලාවට නියමිත පැය ප්‍රමාණය ද පැහැදිලිව සඳහන් නොකළ බවටත් එම පාඨමාලාව හැදෑරූ සේවක සේවිකාවෝ චෝදනා කරති. එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එම සේවක සේවිකාවන් ඉවත් කළ ඊයේ (මාර්තු 31) දිනය වනවිටත් එම සේවක සේවිකාවන් හදාරමින් සිටි ඇතැම් පාඨමාලා නිමා කර නොතිබූ අතර, සම්පූර්ණයෙන්ම මුදල් ගෙවූ සේවක සේවිකාවන්ට සහතික පතක් ද නොමැතිව රැකියාව ද අහිමිවී හිස් අතින් ගෙදර යෑමට සිදුවූයේ පෙර දැනුම් දීමකින් තොරව රැකියාවෙන් ඉවත් කළ බැවිනි.

කැප්ෂන්

රැකියාවෙන් ඉවත් කළ බවට ඊයේ (31) සේවක සේවිකාවන්ට විද්‍යුත් තැපෑලෙන් යැවූ ලිපිය

Tags: නවතම
Share69Tweet43
Previous Post

හග්ගල ලොකු අනතුරක්! කාන්තාවන් තිදෙනකු මරුට

Next Post

චීනුන්ට පමණයි කී විවාදිත එන්නත මෙරට ජනතාවටත් දෙන්න යයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.