අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාව මරණ තුනක් මැද පැණි කන හැටි ගැන බැසිල් කතාකරයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

• ආර්ථිකය දරුණුම අර්බුදයක
• කොවිඩ් නිසා බිලියන 1600ක රාජ්‍ය ආදායමක් අහිමි වෙලා
• වාහන නොගෙන්වන නිසා රේගු ආදායම සියයට 80ක් වැටිලා!
• කඩ වහන නිසා වැට් ආදායම සියයට 75ක් 80ක් නෑ
• බාර් වැහෙන නිසා සුරා බද්දත් නෑ !
• පුළුවන් තරම් වියදම් අඩු කරන්න

 

 

කොවිඩ් වසංගතය නිසා සමස්ත ශ්‍රි ලංකාවත් රටක් ලෙස ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නට සිදුවීමත් විදේශ විනිමය අර්බුදය දරුණු තත්ත්වයකට පත්වීමත් දේශීය මුල්‍යය අතිනුත් විශාල අර්බුදයක් පැවතීමත් නිසා ශ්‍රි ලංකාව රටක් ලෙස මෙන්ම සමස්ත ජාතියම මරණ තුනක් මැද පැණි කන තත්ත්වයකට පත්ව ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහකා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය. මුදල් සම්බන්ධ පනත් දෙකකට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළ කොවිඩ් වසංගතය අමාත්‍යවරයා මේ හේතුවෙන් රටට ලැබිය යුතු ආදායමින් රුපියල් බිලියන 1600ක් පමණ මේ වසර තුළ පමණක් අහිමි ව ඇතැයි සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අද රටේ ආර්ථිකය අති අමාරු අවස්ථාවක පවතින්නේ. මේ ප්‍රශ්නය තනියෙන් විසඳන්න හෝ දේශපාලන වාසි ගන්න විපක්ෂයට දොස් කියන්න සූදානම් නෑ. නමුත් රටේ ආදායම අබිභවා වියදම ඉහළ ගිහින්. අපි දන්නවා රටට ලැබෙන ආදායම. විශේෂයෙන්ම රටේ වියදම එක්ක බැලුවොත් ආදායම ඉතා අඩු මට්ටමක තියෙන්නේ .
වියදම අඩු කරන්න පුළුවන් හැම අවස්ථාවකම ඒ දේ කරන්න. හේතුව ලැබිය යුතු ආදායම අඩුවෙලා තිබෙනවා. විශේෂයෙන් කොවිඩ් වසංගය කාලය තුළ මේ වර්ෂය තුළ බිලියන 1500ක් 1600ක් ලැබිය යුතු තක්සේරු ගත ආදායම අඩුවෙලා. මුදල් අමාත්‍යංශය යටතේ ඇති ආයතන තුනකින් එනම් රේගුව දේශීය ආදායම් සහ සුරා බදු දෙපාර්තමේන්තුවේ ආදායම් අඩුවෙලා. රේගුවට ආදායම් එන්නේ මෙරටට ගෙන්වන භාණ්ඩවලින්. එයිනුත් වාහන ආනයනයෙන් තමයි වැඩිම ආදායමක් ආවේ. වාහන ගෙන්වීම වසර එක හමාරක් නෑ. විදේශ විනිමය අපහසුතාව නිසා රේගුවේ ලැබෙන ආදායම වෙන කවරදාකටත් වැඩිය අඩුවෙලා. සුරාබදු ආදායම ඔබ දන්නවා සුරා බදු විකිණීම ලොක්ඩවුන් නැති වෙලාවට පමණයි. ඒ කාලය සුරා බදු ආදායම අඩුවෙලා. සංචාරක ව්‍යාපාරය අඩුවෙලා ඒ අදායමත් අඩුවෙනවා.
හරි වුණත් වැරදි වුණත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩිම ආදායම ලැබෙන්නේ සෘජු බදුවලට වඩා වැට් වැනි වක්‍ර බදු මගින්. ලොක් ඩවුන් කළාම රටේ වෙළෙඳ සැල් අලෙවි සැල් වැහෙනවා. එවිට වැට් ආදායමක් එන්නේ නෑ. ඉලක්ක කළ ආදායම ලොක් ඩවුන් කළාම එදාට කඩ වැහෙනවා. වැට් එක අපට එන්නේ නෑ දිනකට සියයට 75ක 80 ආදායමක් අඩුවෙනවා.
නමුත් අපිට වියදම් වැඩිවෙලා තිබෙනවා. රටේ ජනතාවට ගෙන්වපු කොවිඩ් එන්නත්වලින් සියයට 80ක්ම ගත්තේ සල්ලි වලට. ඒ සඳහා වගේම විවිධ වර්ගයේ බෙහෙත් ඔක්සිජන් භාවිතය දෙගුණයකින් වැඩි වුණා. මේ වසංගතය නිසා අපේ වියදම වැඩිවෙලා තිබෙනවා.
යයි සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවයිනට ආ පැරාලිම්පික් වීරයන්ට හරසර

Next Post

මෙරට සමස්ත කොවිඩ් මරණ 10500 පනී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.