බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ශ්‍රි ලංකාවට එරෙහි වන්නන්ට එරෙහි වන්න”

ඇමැති මානව හිමිකම් සමුළුවට කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 23, 2021 - Updated on පෙබරවාරි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් එම කවුන්සිලයේ 46 වැනි සැසිවාරය වෙනුවෙන් ඉදිරිපත් කළ වාර්තාව අසාධාරණ ලෙස සිය විෂය පථය රටේ සෛවරීත්වය ඉක්මවා යන ලෙස පුළුල් කර ඇති බවත් එම වාර්තාව ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන අතර සියලුම සාමාජික රටවලට එය ප්‍රතික්ෂේප කරන ලෙසත් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද මානව හිමිකම් සැසිවාරය අමතමින් පැවසීය. අමාත්‍යංශයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතු විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණ්ක් බවද පැවසීය. එහිදී අමාත්‍යවරයා විසින් කරන ලද සම්පූර්ණ කතාව මෙසේය.

මහ කොමසාරිස්තුමියනි,

සම්භාවනීය තානාපතිවරුනි,

නෝනාවරුනි, මහත්වරුනි,

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

1. අද මා ඔබ අමතන අවස්ථාවේ දී, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම වාර්තාව පිළිබඳ පෙර නොවූ විරූ අන්දමේ ප්‍රචාරක ව්‍යාපාරයක් ද සිදුකර තිබේ.

2. දශක තුනක් තිස්සේ පැවති ගැටුම්වලින් අනතුරුව, ශ්‍රී ලංකාවේ වීරෝධාර සන්නද්ධ හමුදා විසින් 2009 දී එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් උදාසීන කරන ලදී. ලෝකයේ වඩාත්ම කුරිරු බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයෙන් සිය ඒකීය රාජ්‍යය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ආත්මාරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළේය.

3. ශ්‍රී ලංකාවේ දේශසීමාවෙන් ඔබ්බට සිය භීෂණය ව්‍යාප්ත කරමින්, ලෝක නායකයින් දෙදෙනෙකු එනම්, ශ්‍රී ලංකාවේ සේවයේ යෙදී සිටි ජනාධිපතිවරයෙකු සහ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ඝාතනය කළ ලොව එකම ත්‍රස්ත සංවිධානය එල්ටීටීඊයයි.

4. ත‍්‍රස්තවාදය අවසන් කිරීම මඟින්, සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සියලු අයිතිවාසිකම් අතර වඩාත්ම අගය කරන – ජීවන අයිතිය සහතික කරන ලදී.

5. එසේ වුවද, ශ්‍රී ලංකාවට එරෙහිව සනාථ නොකළ යෝජනාවක් ගෙන ඒමේ දී ආධිපත්‍යවාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව සහයෝගයෙන් කටයුතු කළ අතර, එය අදටත් ශ්‍රී ලංකාව සමඟ සිටින මිත්‍ර ජාතීන්ගේ සහයෝගයෙන් පරාජයට පත් කරන ලදී. හුදු දේශපාලන අභිප්‍රායන් මත තවදුරටත් යෝජනා මෙම සභාවට ඉදිරිපත් කරන ලදී. එම සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව විසින් කාර්ය පටිපාටික නුසුදුසුකම් සහ එවැනි ක්‍රියාදාමයන් එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට බලපාන භයානක පූර්වාදර්ශයක් සපයන්නේ කෙසේද යන්න ඉදිරිපත් කරන ලදී.

6. 2015 දී ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජය, මානව හිමිකම් සංසදවල දී පෙර නොවූ විරූ ආකාරයකින් අපගේම රටට එරෙහි 30/1 යෝජනාවේ සම අනුග්‍රාහකයන් ලෙස සම්බන්ධ විය. එය එවකට ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකළ ක්‍රියාවකි. 30/1යෝජනාවෙහි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන සහ ඉටුකළ නොහැකි බැඳීම් රාශියක් අඩංගු විය. මෙය සිය ගණනක් මිය යාමට හේතු වූ 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නැවත පණ ගැන්වීම දක්වා ජාතික ආරක්ෂාව අඩපණ කිරීමට හේතු විය.

7. ශ්‍රී ලංකා ජනතාව විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම 2019 නොවැම්බර් මාසයේ දී අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබුණු ජනවරම මගින් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මෙම ජනවරම මත පදනම්ව, මෙම කවුන්සිලයේ 43 වන සැසියේ දී ශ්‍රී ලංකාව එමයෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වන බව මම ප්‍රකාශ කළෙමි. තවද, මෙම කවුන්සිලය ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ දිගටම සම්බන්ධ වී කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ද මම ප්‍රකාශ කළෙමි.

8. පවත්නා යාන්ත්‍රණයන් අඛණ්ඩව පවත්වාගෙන යාම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම, තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම, ඉඩම් ආපසු ලබා දීමේ ප්‍රගතිය, බිම් බෝම්බ ඉවත් කිරීම සහ නව ජීවනෝපාය මාර්ග නිර්මාණය කිරීම වැනි ශ්‍රී ලංකාව විසින් සිදු කර ඇති බැඳීම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව අපි 2020 දෙසැම්බර් මාසයේ දී මෙන්ම 2021 ජනවාරි මාසයේ දී ද මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත සවිස්තරාත්මක යාවත්කාලීන කිරීම් ලබා දී ඇත.

9. පසුගිය වසර පුරා ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතයේ බලපෑම් සමඟ පොරබදමින් සිටිය දී පවා මෙම පියවර ගෙන ඇත. මෙම අභියෝග මධ්‍යයේ වුව ද අපි 2020 අගෝස්තු මාසයේ දී නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් පවත්වා, ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහිත රටක තුනෙන් දෙකක බහුතරයක් සහිතව නව රජයක් තෝරා පත්කර ගත්තෙමු.

10. මානව හිමිකම් කවුන්සිලය හා එහි යාන්ත්‍රණයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව තිබියදීත්, ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කරන කොටස් මෙම මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව මත පදනම්ව, රටට විශේෂිත වූ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කිරීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙම වාර්තාව අසාධාරණ ලෙස සිය විෂයය පථය පුළුල් කර ඇති අතර, ඕනෑම ස්වයං-ගෞරවයක් සහිත ස්වෛරී රටක පවතින මූලික ගෘහස්ථ කාරණා සහ පාලන කරුණු රාශියක් ඇතුළත් කර ඇත.

11. මෙම කවුන්සිලයේ හදිසි අවධානයට ලක්විය යුතු තත්ත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ද, නැතහොත් මෙම උද්ඝෝෂණය අත්‍යවශ්‍යයෙන්ම මෙම කවුන්සිලය පිහිටුවා ඇති සාරධර්ම හා මූලධර්මවලට පටහැනි දේශපාලන පියවරක්ද යන්න පිළිබඳව ඔවුන්ගේම තීන්දුවක් ගැනීමට මම මෙම කවුන්සිලයේ සාමාජිකයින්ට සහ නිරීක්ෂකයින්ට භාර කරමි. විදේශයන්හි සිදුකරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනාවන්හි දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණි. ත්‍රස්තවාදයට එරෙහි අරගලයේ යෙදී සිටින රටවල් අතර සැලකිය යුතු අන්දමින් චිත්ත ධෛර්යය නැතිවීම සඳහා මෙය හේතු විය හැක.

12. මෙම කවුන්සිලය සිය පරිමාණයන් සමව තබා ගත යුතුය. කටකථා, ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග හෝ එක් කෝණයකින් එන සැක සහිත මූලාශ්‍රයක් අනුගමනය නොකොට එහි මාර්ගෝපදේශ මූලධර්ම පිළිපැදිය යුතුය. මෙම කවුන්සිලය සමඟ පවත්නා අපගේ අඛණ්ඩ සහයෝගය සහ සම්බන්ධතාවය නොතකා, නිරන්තරයෙන් ව්‍යාප්ත වන බාහිරව මෙහෙයවනු ලබන උපදෙස් කෙරෙහි අවධාරණය කිරීම මඟින් අභියෝග රැසකට මුහුණ දිය හැකිය.

13. මෙම කවුන්සිලය දන්නා පරිදි, මෙය පසුගිය වසර සියය තුළ දී එළැඹි මුළු ලෝකයම සඳහා තීරණාත්මක කාලයකි. කොවිඩ්-19 වසංගතය මැඩ පැවැත්වීමට හා බැට කෑ ආර්ථිකයන් පුනර්ජීවනය කිරීමට අප ගන්නා උත්සාහයන් තුළ දී අප එක්සත් විය යුතුය. මෙම කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ අපගේ කුසලතාවන් හා අපගේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය හා සහයෝගීතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව එන ඕනෑම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම තුළින් අපට සහාය වන ලෙසයි. මෙම කවුන්සිලයේ සම්පත් හා කාලය අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කොතරම් දුරට උපයෝගී කර ගෙන ඇත්දැයි යන්න, ගෝලීය දකුණේ ස්වෛරී රාජ්‍යයන් වෙත අධෛර්යමත් කරවන පණිවිඩයක් රැගෙන යන බවට අපි විශ්වාස කරමු.

14. පෙර නොවූ විරූ වසංගතයක් හමුවේ කාලීන අවශ්‍යතාවය වන්නේ,මෙම කවුන්සිලය තුළ පවතින බෙදීම්වලින් පැන නගින ද්වේශය හා සැරපරුෂ බවට වඩා සහයෝගීතාවයකි. ඉහත දක්වා ඇති තත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙම යෝජනාව සභාව විසින් ප්‍රතික්ෂේප කොට,එය අවසානයක් කරා ගෙන එන ලෙස අපි ඉල්ලා සිටිමු.

15. බුදුරජාණන් වහන්සේගේ වචන උපුටා දක්වමින් මම අවසන් කරමි.

“සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 03යි… ආසාදිතයන් 492යි.. ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක්…

Next Post

දිනකට සිදුකරන පී.සී.ආර්. ප්‍රමාණ අඩකට ආසන්නව අඩු කරලා…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.