ශ්‍රී.ල.නි.ප. යෙන් ඉවත් කළ චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායම රනිල් වෙනුවෙන් නව සන්ධානයක් හදයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක මෙන්ම පක්ෂයේ හිටපු සභාපතිවරියක වන හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද  අමරවීමර ඇතුළු එම පක්ෂයෙන් ඉවත් කළ කණ්ඩායම මූලිකව නව දේශපාලන සන්ධානයක් ගොඩනැන්වීමේ කටයුතු ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය, උතුරේ දේශපාලන පක්ෂ, වතුකරයේ පක්ෂ එක් කරගෙන ඊලඟ මැතිවරණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහා අවශ්‍ය ශක්තිමත් ප්‍රවේශය ගොඩනැගීම බව ද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ   දිස්ත්‍රික්  සංවිධායකරුන් අතුළු ප්‍රබල කණ්ඩායමක් මෙන්ම කුමාර වෙල්ගම ගේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වශයෙන්  මෙම සන්ධානයට එක්වීමට  එකඟතාවය පල කර ඇතැයි ද ඒ සම්බන්ධව මූලික සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට අමතරව පක්ෂයෙන් ඉවත් කිරීම සම්බන්ධව නීතිමය පියවර ගැනීමට  ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු කණ්ඩායම කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.


Exit mobile version