ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න පත්කර තිබේ. ඔහු අද (04) කටුනායක පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාරගෙන ඇත.
මෙතෙක් එම ධූරයේ සිටියේ ජි.එස්. විතානගේය. පසුගිය වසරේ ජනවාරි 18 දින සිට ඔහුව පත් කරනු ලැබුවේ හිටපු සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා විසිනි. ඇමතිවරයා පත්වනවිට ඔහු සිවිල් ගුවන්සේවා අධිකාරියේ උප සභාපතිවරයාව සිටියේය.
නව සභාපති සුනිල් ජයරත්න වසර 37ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහු වසර තුන හමාරක පමණ කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සේවය කර ඇත.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ඔස්ට්‍රේලියාවේ කැන්බරා විශ්වවිද්‍යාලයේ රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.







