දඹුල්ල ජාත්‍යාන්තර ක්‍රීඩාංගනය පිරී ගොස්ය. කාන්තා ක්‍රිකට් තරගයක් බැලීමට ඉතිහාසයේ මුල්ම වරට මහා ජන ගඟක් ගලා ඇත. මේ ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුවේවායි ප්‍රාථනා කරන නමුත් ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉලක්කය පහසු එකක් නොවේ.
කාසියෙ වාසිය දිනූ ඉන්දියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම තේරූහ. එහි විශිෂ්ට ඵළ ඔවුන් නෙලාගෙන ඇති බව මුල් කාර්තුවේ දී පැහැදිලිව පෙනේ. එහෙත් කිව යුතු දෙයක් ඇත.
අත් හැරුණු අවස්ථාවන් යළි එන්නේ නැත. පන්දු රැකීම නිසි ලෙස නොකරන විට කිසිම දෙයක් නෑත. කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දී තිබේ.
විශිෂ්ට පිතිකරණයක නිරත වූ ඉන්දීය ආරම්භක පිතිකාරිණී ස්ම්‍රිටි මන්දානා පන්දු 47ක දී ලකුණු 60කි. මේ විශිෂ්ට රූපත් තරුණිය තරම්ම ඇයගේ පිතිකරණයත් මනරම්ය. ඇය හතරේ පහර 10කි. ලකුණ 40ක් හතරේ පහර වලිනි. ඇය ලකුණු 60 ලබා ගන්නේ ලකුණු 10 දී 3 වැනි ඕවරය යවමින් සිටි කවීෂා දිල්හාරිගේ පන්දු හමුවේ පිට පිට ලබා දුන් උඩපන්දු 02ක් අත හැරීමෙනි. ඇය නැවතුනේ ලකුණු 60කිනි.
කඩුළු රකින රිෂා ගෝෂ් ඇය මුහුණ දුන් තුන්වැනි පන්දුවේ දී උඩපන්දුවක් ලබා දුන්නාය. එවිට ඇය ලබා සිටියේ ලකුණු 5කි. ඇය නැවතුනේ පන්දු 14ක දී හතේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 30ක් ලබමිනි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ෂෆාලි වර්මා ලකුණු 16ක්, ජෙමීමා රොඩ්‍රිගේස්, පන්දු 16ක දී ලකුණු 29ක්, ලැබුවාය.
පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 36ට කඩුළු 2ක්, උදේශිකා ප්‍රබෝධනී, සචිනි නිසංසලා, චමරී අතපත්තු කඩුල්ල බැගින් ලැබූහ.







