ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභික හා ලංකා ප්‍රිමියර් ලීගයේ තරග අධ්‍යක්ෂ සමන්ත දොඩන්වල අද ( 29 ) සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිටි කාර්‍යාලය වෙත කැඳවා තිබුණේය. ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ ඒකකය ඉදිරියේ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා ඔහුට මෙම කැඳවීම සිදුකරන්නේ දැවැන්ත ක්‍රිකට් සූදුවක නියත තොරතුරු එම ඒකකය විසින් හෙළි කරගැනීමෙන් අනතුරුව දියත්වන විමර්ශන දිගුවක් ලෙසය.
ලංකා ප්‍රිමියර් ලීගයේ දඹුල්ල කණ්ඩායමේ හිමිකරු වන බංග්ලාදේශ ජාතික ටමීම් තරග පාවා දීම් චෝදනා මත අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට ඉන්නේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
මෙම අත් අඩංගුවට ගැනීමත් සමග හෙළිවන තොරතුරු මත පොලිසිය මගින් ඉදිරියේදී සැක කටයුතු ක්‍රීඩකයන්, කළමනාකරුවන් , පුහුණුකරුවන් හා සංවිධායකයන් රැසකගෙන් කරුණු විමසීමට යන බව වාර්තා වේ.







