කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දු රැකීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායටම අභියෝගාත්මක පිළිතුරක් දෙමින් නවසිලන්ත පිතිකරුවෝ ඕවර 50 අවසන ලකුණු 275ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී තිබේ. ඒ පන්දු ඕවර 49.3ක් තුළ සියලුම ක්‍රීඩකයින් ලකුණු 274කට දැවී යෑමෙනි.

පිතිකරණයේ දි ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 49ක් තුළ ලකුණු 51ක් රැස් කළේය. ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.
ඩැරිල් මිචෙල් පන්දු 58ක දී ලකුණු 47ක්, රචින් රවීන්ද්‍ර පන්දු 52ක දී ලකුණු 49ක් සහ ග්ලේන් පිලිප්ස් පන්දු 42ක දී ලකුණු 39ක් ලැබුවේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චාමික කරුණාරත්න පන්දු ඕවර 09ක් තුල ලකුණු 43ට කඩුළු 04ක් බිඳ හෙළුවේය.
කසුන් රාජිත පන්දු ඕවර 7.3 තුළ ලකුණු 38කට කඩුළු 02ක්, ලහිරු කුමාර පන්දු ඕවර 10ක් යවා ලකුණු 46ට කඩුළු 02ක්, දිල්ශාන් මධුසංඛ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවේය.
නුවනිඳු ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ. ධනංජය ද සිල්වා කණ්ඩායමෙන් ඉවත් කර ඇත.