බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු ලෙස සැලකෙන වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළට…

by editor
සැප්තැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු විය යුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති  යෝජනා වල සඳහන් වේ.

ඒ අනුව “ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥා පනත” යන වචන වෙනුවට “ළමා ආඥා පනත” ලෙස ද “ළමයින් සහ තරුණ තැනැත්තන්” යන වචන වෙනුවට “ළමයින්” ලෙසද සංශෝධනය කිරීමට ස්ත්‍රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යෝජනා කොට තිබේ.

Sudharshani
කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ…

එසේම ප්‍රධාන ප්‍රඥප්තියට අමතරව වෙනත් යම් ලිඛිත නීතියක හෝ ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ සාදන ලද යම් නියෝගයක හෝ රීතියක හෝ දැන්වීමක, නිවේදනයක, ගිවිසුමක හෝ වෙනත් ලේඛනයක “තරුණ අය” යන වචන සඳහන් වන සෑම ස්ථානයකින්ම ඒ වචන ඉවත් කළ යුතු බවටද පනත් කෙටුම්පත මගින් යෝජනා කොට තිබේ.

එමෙන්ම ප්‍රධාන ප්‍රඥප්තියේ 71වන වගන්තියේ (6) වන උපවගන්තියේ ඇති  ‘මෙම කොටසේ ඇති කිසිවක් දරුවකුට හෝ තරුණයෙකුට දඬුවම් කිරීමට ඕනෑම දෙමාපියෙක්ට, ගුරුවරයෙකුට හෝ නීත්‍යනුකූල භාරකරුවකුට ඇති අයිතියට බලපාන ලෙස ගොඩනොනැගිය යුතු බවය’ යන්න  සංශෝධන පනත් කෙටුම්පත මගින් ඉවත් කර තිබේ.

23 වන අධිකාරය වූ ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනතේ අරමුණ වන්නේ ළමයින්ගේ සහ තරුණයන්ගේ ආරක්ෂාව උදෙසා බාලවයස්කාර අපරාධකරුවන් අධීක්ෂණය කිරීම සඳහා බාලවයස්කාර අධිකරණ පිහිටුවීමට නියෝග සෑදීමය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

2022.07.18 දින නිකුත් කරන ලද ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) පනත් කෙටුම්පත අනුව 23 වන අධිකාරය සංශෝධනය වන අතර, සංශෝධන ක්‍රියාත්මක වනුයේ අධිකරණ, බන්ධානාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියම කිරීමේ දිනයකදී ය.

ස්ත්‍රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  ගේ ප්‍රධානත්වයෙන් රැස් විය. ඊට  රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තලතා අතුකෝරළ, රෝහිණි කවිරත්න, එරාන් වික්‍රමරත්න, (ආචාර්ය) හරිනි අමරසූරිය, මංජුලා දිසානායක සහ විශේෂ කාරක සභාවේ ලේකම් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මෙන්ම ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සහ අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිලිහී ගිය ජනතා විශ්වාසය යළි ඇති කරගන්න වීදුරු පෙට්ටියක සිට රට කරන්න… කතානායක ජාතික සභාව අමතමින් කියයි!

Next Post

මස් වැද්දෝ පොලොන්නරුව ගල් විහාර භූමිය මස් මඩුවක් කරති… අදත් වෙඩි තබා මළ මුවෙක් කිරි වෙහෙර පාමුල…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.