ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාව හරහා මුහුදු මාර්ගයෙන් චීන ජාතිකයින් ඉන්දියාවට ඇතුළු වීමේ අවධානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවට ද හින්දු පුවත් පත වාර්තා කරයි.
ඒ අනුව බුද්ධි අංශ විසින් චින ජාතියින් පිරිසක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපය ඔස්සේ ඉතා සූක්ෂමව ඉන්දියාව ඇතළු වීමේ උත්සහයක නිරත වන බවටද අනාවරණය කරගෙන ඇති බව එම පුවත්පත සඳහන් කරයි.
මේ අතර ඉන්දීය බුද්ධි අංශ විසින් හඳුනානොගත් චීන ජාතිකයින් හය දෙනෙකු ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට මේවන විටත් ඇතුළු වී ඇති බවද ඊට ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහය (ඊ.පී.ඩී.පී) හිමිව ඇති බවද ද වාර්තා වේ.
ඒ අනුව ඉන්දීය ආරක්ෂ අංශ විසින් ඉන්දීයාවේ වෙරළබඩ දිස්ත්‍රික්කවල ආරක්‍ෂක විධිවිධාන තර කිරීමට නියෝග කර ඇත. නීති විරෝධිව ඉන්දියාව මුහුදු මාර්ගයෙන් ඇතුළු වනවාදැයි සොයා බැලීමට නිරීක්ෂණ කටයුතු වැඩි දියුණු කර ඇති අතර වෙරළාරක්ෂක බලකාය සහ නාවික හමුදාව සමඟ සමීපව කටයුතු කරන බවද ඉන්දීය බලධාරීහු පවසති.
Discussion about this post