ශ්‍රි ලංකාව ණය ප්‍රතිකාරකය සඳහා නිල ඉල්ලීම ණය හිමියන්ට දෙයි!

චීනය සෞදි අරාබිය සහ ඉරානය පසෙකට වී බලා හිඳී

ශ්‍රි ලංකාව විසින් ලබා ගන්නා ලද ද්වීපාර්ශ්වික ණය ඇතුළු විදේශ ණය සඳහා ණය ප්‍රතිකාරකයක් ලබා දෙන ලෙස සිදු කරන විධිමත් ඉල්ලීම ඊයේ (09) දිනයේ පැවැති රැස්වීමකදී සිදු කර ඇත. ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ සම සභාපතිත්වයෙන් ඊයේ රාත්‍රී  අන්තර්ජාලය ඔස්සේ  පැවැති රැස්වීමකදී ශ්‍රි ලංකාව විසින් මෙම ඉල්ලීම සිදු කළ බව පැරිස් සමාජය උපුටා දක්වන රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

මෙම රැස්වීම සඳහා ශ්‍රි ලංකාවට ණය ලබා දුන් රටවල් 26ක් සහ  සහ පැරිස් සමාජයට අයත් ණය දෙන ආයතන 19ක් සහභාගී  වී ඇති අතර චීනය සවුදි අරාබිය සහ ඉරානය නිරීක්ෂකයන් ලෙස සහභාගී වීඇත. මේ අතරින් වඩාත් අවධානයට ලක් වන ශ්‍රි ලංකාවේ විශාලම  ණය හිමියා වන චීනය ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළට සහය ලබා දෙන බව ප්‍රකාශ කළ බවද විදේශ මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට එකඟත්වය පළ වූ ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම සම්පූර්ණ කිරීම සඳහා මූලික සුදුසුකමක් වන්නේ ශ්‍රි ලංකාව ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමයි. ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ණය ප්‍රතිකාර වැඩ සටහන මෙසේ ණය හිමියන් වෙත ඉදිරිපත් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ ණය ප්‍රතිකාරක වැඩසටහන පිළිබඳව මෙතෙක් ශ්‍රි ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශ කළේ නැත.

Exit mobile version