fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවේ ඩොලර් හොරකම් කළ රාජපක්ෂ ඥාති තානාපතිට ඇමෙරිකානු විනිසුරුගෙන් දොස් !

ඩොලර් මිලියන ගණනක් නැති වුණත් මේක මහජන මුදල් සොරකමක්!

සති 3ක් ago
in පුවත්
816 8
0
Jaliya Wickramasuriya
Share on FacebookShare on Twitter
  • රට නියෝජනය කරන තානාපතිවරයකු ලෙස කලේ පාවාදීමක් – විනිසුරු කියයි

ශ්‍රි ලංකා රජය සතු මුදල් අයථා ලෙස ඇමෙරිකාව තුළදී වංචා කොට සිය පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වූ ඇමෙරිකාවේ හිටපු ශ්‍රි ලංකා තානපති ජාලිය වික්‍රමසූරිය මහතාට ඇමෙරිකානු ඩොලර් 5,000ක දඩයක් නියම කළ එරට අධිකරණය ඔහුට හිමි දඩුවම වසර දෙකක පරිවාස කාලයකට යටත්ව ඇත.

මෙම අයථා ලෙස ලබා ගත් මුදල් ආපසු රජයට ගෙවීම හේතුවෙන් දඩුවම යම් පමණකට ලිහිල් කළ බව පවසා ඇති ඇමෙරිකාවේ වොෂින්ටන් හි දිස්ත්‍රික් උසාවියේ විනිසුරු ටාන්යා චුට්කන් පවසා ඇත්තේ වික්‍රමසූරිය මහතා වංචා කළ මුදල ඩොලර් මිලියන ගණනක් නොවුවද එය ඔහු විසින් චේතනාන්විතව සිදු කළ බරපතල ශ්‍රි ලංකා ජනතාවගේ මහජන මුදල් සොරකමක් බවයි. එසේම ලෝකයේ බලගතුම රාජ්‍යයේ අගනුවර සිට තම රට නියෝජනය කිරීමට එවූ පුද්ගලයකු ලෙස එය සිදු කිරීම අතිශයින්ම බරපතල පාවාදීමක් බව විනිසුරුවරයා අවධාරණය කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පවුලේ සමීපතම ඥාතියකු වන වික්‍රමසූරිය මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේදී ඇමෙරිකාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර එම කාලයේදී වොෂින්ටන් නුවර ගොඩනැගිල්ලක් තානාපති කාර්යාල කටයුතු සඳහා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී ශ්‍රි ලංකා රජයට වැරදි තොරතුරු දක්වා ඇමෙරිකානු ඩොලර් 332027ක් සිය පෞද්ගලික ගිණුමකට බැර කරගෙන වංචා කරන ලද බවට එරට මූල්‍ය අංශ විසින් සිදු කරන ලද විමර්ෂණයකදී අනාවරණය වූ අතර මෙම අනාවරණයෙන් පසුව ඔහු වංචා කරන ලද මුදල් යළි ශ්‍රි ලංකා රජය වෙත ලබා දීමට වික්‍රමසූරිය මහතා කටයුතු කර තිබුණි.

එසේ වුවද ඇමෙරිකානු රජය මෙම මූල්‍ය අවභාවිතා පිළිබඳ ව ඇමෙරිකාවේ පවතින නීති රීති මගින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනුණු අතර එම නඩු විභාගයෙන් වික්‍රමසූරිය මහතා වැරදිකරු බවට පසුගිය අප්‍රියල් මස තීන්දු කළ අතර දඩුවම නියම කිරීම පසුගිය ජූලි 20 වැනිදා සිදු කිරීමට ද තීරණය කළේය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ඉන්දියාව කොවිඩ් එන්නත් මාත්‍රා කෝටි 200ක් ලබා දෙයි

Next Post

හමුදාව නැතුව ඉන්ධන බෙදන්න ඉන්ධනහල් හිමියෝ බියවෙති

Related Posts

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

අගෝස්තු 14, 2022

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

අගෝස්තු 14, 2022

රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…

අගෝස්තු 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව
  • අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 
  • රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…
  • ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

ජනප්‍රිය පුවත්

  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    267 shares
    Share 107 Tweet 67
  • ප්‍රගතිශීලී වෘත්තියවේදියෝ පොහොට්ටුව හැර යති !

    266 shares
    Share 106 Tweet 67
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    237 shares
    Share 95 Tweet 59
  • පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

    173 shares
    Share 69 Tweet 43
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

    217 shares
    Share 87 Tweet 54
  • ගෑනුන්ගේ බූරු තිප්පලක් වටලයි… 05ක් අත්අඩංගුවට…

    206 shares
    Share 82 Tweet 52

Highlights

පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

ත්‍රීවිල්කරුවන් පුරුදු කළ ඉන්ධන ජවාරම  පොලොන්නරුවේ ට්‍රැක්ටර් පටන් අරන්… අබලන් ට්‍රැක්ටර්වලටත් QR

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

by editor
අගෝස්තු 14, 2022
0

ලලිත් චාමින්ද    භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත්...

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

by editor
අගෝස්තු 14, 2022
0

නයනක රන්වැල්ල -  ලෝක අලි දිනය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist