අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ මොහොතේ ගත යුතුම තීරණයට ප්‍රමුඛතම වෛද්‍ය සංගම් හතරක් රජයට බලකරයි

by Lanka Sara Editor
මැයි 21, 2021 - Updated on මැයි 22, 2021
in පුවත්
doctors medical association
Share on FacebookShare on Twitter
  • දින 14කට රට වහන්න !
  • අද රෑ වැසුවාම යළි අඟහරුවාදා අරින්න එපා!
  • තුන්දහසක් රෝගීන් හමුවන විට පිටත හයදාහක් සිටිය හැකියි!
  • වැඩිවන රොගීන් පිරිස ඇඳන් වැඩිකළාට කළමනාකරණය කර ගන්න බෑ!

 

මේ වනවිට කොවඩ් වසංතය හමුවේ ශ්‍රි ලංකාව පත්ව ඇති තත්ත්වය මත වහාම දින 14ක් දැඩි සංචරණ සීමා යෙදවීමට එනම් ලොක් ඩවුන් කිරීමකට ලක් කළ යුතු බවට මෙරට ප්‍රමුඛතම පෙළේ වෛද්‍ය සංවිධාන හතරක් රජයට බල කරයි.

අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අවධාරණය කළ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ වෛද්‍ය විද්‍යායතන අන්තර් කමිටුව අවධාරණය කළේ වසංගතයේ තත්ත්වය මෙන්ම රටේ ආර්ථිකයේ අනගතය පිළිබඳව සැලකීමේදී මේ මොහොතේ ගත යුතු වැදගත්ම පියවර මෙය බවය. මාධ්‍ය හමුව ආරම්භ කරමින් අදහස් දැක්වූ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ලැබෙන සංඛ්‍යාලේඛන සහ රෝහල්වල දැනට පවතින තත්ත්වය අනුව අප සිටිනුයේ ඉතාම අවදානම් සහගත තැනක බවත් මේ වනවිට රෝහල්වල රෝගී ධාරිතාව උපරිමය දක්වා ළඟා වී ඇති බවත් පෙන්වා දුන්නාය.

ඒ අනුව මෙම ත්තත්වය පාලනය කිරිමට නම් වයිරසයේ බීජෞෂණ සමය දෙකක් ආවරණය වන පරිදි ජනතාවට දැඩි ලෙස සංචරණ සීමා පැනවීම බවට ලෝකයේ පිළිගත් විශේෂෂඥයන් රැසක් පෙන්වා දී ඇති බවත් ඒ අනුව රජය කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් පෙන්වා දුන්නාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇය,
“බොහෝ රෝහල් මේ වනවිට රෝගීන්ගෙන් පිරී තිබෙනවා. ඔවුන්ගෙන් සමහර අයට ඔක්සිජන් අවශ්‍ය වනවා. රෝගීන් තුන් දහසක් හඳුනා ගත්ත වුණාට ඊට වඩා තුන් ගුණයක් ප්‍රමාණයක් සමාජයේ ඉන්නවා. ඒ අනුව 10000ක් පමණ. එයින් පේන්නේ රෝගය බොහෝ දුරට පැතිරී තිබෙනවා. මේ අවස්ථාවේදී අනෙක් රටවල් සමග බැලුවොත් අඩු අදායම් ලද රටක් ලෙස මනාව පාලනය කළේ නැතිනම් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙනවා. අනෙක් රටවල් මේ වගේ අවස්ථාවක මේ රෝගය පාලනය කළේ දැඩි සංචරණ සීමා පනවලා. පවුල් වශයෙන් කොටු කරල. පවුල තුළ පාලනය කරල තමයි ඔවන් වසංගතය පාලනය කර ගත්තේ. අපි සියල්ලම වෛද්‍ය සංගම් හතරම එකමුතුව එකා මෙන් ඉල්ලා සිටිනවා සමාජය දින 14ක් අපි ගෙවල්වලට කොටු වීමට අවශ්‍ය සහටෙයාල්ය රජයෙන් දෙන්න. මේ යෝජනාව විද්‍යාත්මක එකක්. අත්‍යවශය කටයුතු සිදුවෙන් අවශ්‍ය ඉඩ ලබා දීල අඩුම ගානේ දින 14ක් අප දැඩි සංචරණ සීමාවකට පැමිණිය යුතුමයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පැවසුවේ මේ නවවිට රෝහල්වලට පහසුකම් ලබා දීමට ඇඳන් වැඩි කිරීම දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය පහසුකම් ලබා දිමට රජය කටයුතු කරන බවයි. එය අවශය පියවරක් වුවද දැනට පවතින තත්ත්වය අනුව රෝගය ව්‍යාප්ත වීම පාලනය නොකළොත් මේ ඇඳන් ඇතුළුපහසුකම් කොපමණ වැඩි කළත් ප්‍රමාණවත් නොවන තත්ත්යක් මතුවන බව පෙන්වා දුන්නේය.

“රෝහල් පහසුකම් වැඩි කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න බෑ. දැන් රෝගීන් එන විදිහට එන විදිහට ඇඳන් දහ දාහේ රෝහල් ඒවා දවසකට එක ගානේ හැදුවත් ප්‍රමාණවත් නොවේවි ඉදිරියට. ප්‍රමුඛතාව දිය යුත්තේ සමාජයේ පැතිරීම පාලනය කිරීම. රෝගය ගැන අධ්‍යයනය කළ දැනුමත් ඇති විද්වතුන් කියන්නේ දින 14 කියන්නේ මැජික් අංකයක් කියලයි. පසුගිය දින තුනේ ලොක් ඩවුන් එක දෙක එක්තරා විදිහට අපරාධයක්. අත්හදා බැලීමක් වුණාට විද්‍යාත්මක පසුබිමක් නෑ. ඒක වැරදි උපදෙසක්. දින තුනේ අවශ්‍ය කරන්නේ දිගටම මේක ගෙනයන්න. මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති දින තුනක සංචරණ සීමාව කඩා යළි අඟහරුවාදා අරින්න එපා. දින 14ක් දිගටම ගෙන යන්න. එය අපේ රටේ සෞඛ්‍යයටත් ආර්ථිකයේ සෞඛ්‍යයටත් හොඳම විසඳුමයි. යයි ඔහු පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව සහ වෛද්‍ය විද්‍යායතන අන්තර් කමිටුවේ කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතාද අදහස් දැක්වීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ කොවිඩ් මරණ 38යි.. ආසාදිතයන් 3441යි…

Next Post

ඇවන්ගාඩ් අවි ගබඩා නඩුවෙන් සේනාධිපති නිදොස් කොට නිදහස්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.