අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය පාදෙණියගේ රැවටිලිකාර බොරු ලිපියක් ගැන විශේෂඥ වෛද්‍යවරු ජනපතිට ලියති

by Lanka Sara Editor
දෙසැම්බර් 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

• රාජ්‍ය නායකයා බොරුවෙන් නොමග යැවීම දඬුවම් කළ යුතු වරදක්
• උත්තරීතර වෛද්‍ය සභාව වෛද්‍ය නිලධාරී සංගමයේ ආධිපත්‍යයට ගන්න දෙන්න එපා කියති
• වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු හතරක් ඉවත් කිරීම නීති විරෝධීලු
• ඇත්ත සඟවපු ලිපියක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් ඊයේ (09) දිනයේදී ශ්‍රි ලංකා වෛද්‍ය සභාව පිළිබඳව ජනාධිපතිවරයාට යවන ලද ලිපිය සම්පූර්ණයෙන්ම බොරු සහ රැවටිලිවලින් පිරුණු ලිපියක් බවත් මේ ආකාරයෙන් රාජ්‍ය නායකයා වැරදි තොරතුරු දෙමින් නොමඟ යැවීමට උත්සාහ කිරීම බරපතල වරදක් බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත.
එම ලිපිය මඟින් ඔවුන් කරුණු කිහිපයක්ම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කොට ඇත.
ඒ අනුව
• ශ්‍රි ලංකාවේ වෛද්‍ය වෘත්තිය නියාමනය කිරීමේ එකම වෘත්තීය ආයතනය වන ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සංයුතිය මෙම ලිපිය තුළ වෛද්‍ය පාදෙණිය විසින් හිතාමතාම සඟවා ඇත. මෙම වෛද්‍ය සභාවට විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු සහ විශේෂඥ දන්ත වෛද්‍යවරයකු ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනකු ගේ නියෝජනයක් ද ඇතුළත් වුවද එම කරුණ හිතාමතාම සඟවා ඇත. එසේම පසුගියදා පංච පුද්ගල කමිටුවක නිර්දේශ මත වෛද්‍ය සභා සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් කිහිප දෙනකු ඉවත් කළේ වෛද්‍ය සභාව තුළ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආධිපත්‍යය ඒ තුළ පතුරුවාලීමටය.
• වර්තමානයේ ශ්‍රි ලංකා වෛද්‍ය සභාව තුළ මතුව ඇති අර්බුදය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිතමතාම සෞඛ්‍ය අමාත්‍යවරියගේ ද සහය ගෙන නිර්මාණය කරන ලද එකක් බවද නියමිත නිල කාලය අවසන් වීමට පෙර නීත්‍යනුකූල නොවන ආකාරයෙන් වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් හතරක් ඒ අනුව ඉවත් කර ඇති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරන්නේ ඔවුන් ඉවත් කිරීමට නිර්දේශ කෙරුණු විමර්ශණ කමිටුවේ සාමාජිකයන් පස් දෙනාගෙන් දෙදෙනකුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් බවය. එයින් එහි පවතින විනිවිද පෙනෙන සුළු භාවය විශාල අභියෝගයක් බව මෙම වෛද්‍ය සංගමය පවසයි. අනෙක් කරුණ නම් මෙම වෛද්‍ය සභාව පිළිබඳව සෙවීමට පත් කළ කමිටුව හුදෙක් කරුණු විමර්ශණය කිරීමේ කමිටුවක් වූ අතර එය කිසි විටෙක වෛද්‍ය සභාවෙන් ඉවත් කළ සාමාජිකයන් ට කිසිදු චෝදනාවක් එල්ල කොට නොමැත. එසේම එසේ ඉවත් කළ සාමාජිකයන්ට ඔවුන් සම්බන්ධයෙන් කිසිදු කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අවකාශයක් ද සලසා නොමැති බව ද සඳහන් කොට තිබේ.
• 2015ත් 2020ත් අතර කාලය තුළ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරුන් පත් කිරීම පිළිබඳවද මෙම සංගමය ජනාධිපතිවරයා වෙත කරුණු පෙන්වා දී ඇත. ඒ අනුව ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දෙන්නේ පසුගිය රජය 2015 වසරේදී බලයට පත් වනවිට වෛද්‍ය සභාවේ සභාපතවයරයා ලෙස කටයුතු කළේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා බවයි. ඔහු නියමිත වසර පහක කාලයට අමතරව තවත් අතිරේක මාස හයක දීර්ඝ කිරීමක්ද ලැබුණු අතර ඔහු ඉල්ලා අස්ව ඇත්තේ සෞඛ්‍ය හේතූන් මත පමණි.
• එයින් පසුව පත් වූයේ මහාචාර්ය කොල්වින් ගුණරත්නයන්ය. ඔහු මාස 18ක පමණ කාලයක් සේවය කොට පිටු අටක දීර්ඝ ලිපියක් ලියා ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වමින් ඉවත් ව ගියේ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් සිදු කරන බලපෑම් පිළිබඳව විවේචනය කරමින් බවද ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇත.
මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා එම කාලය තුළ පත්වූ තුන්වැනි වෛද්‍ය සභා සභාපතිවරයාය.
• විශේෂඥ වෛද්‍යවරුන් ගේ සංගමය පෙන්වා දෙන තවත් කරුණයක් වන්නේ ශ්‍රි ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් පිළිබඳව පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය පාදෙණිය ඉදිරිපත් කරන්නේ සම්පූර්ණ අසත්‍ය කරුණක් බවය. මෙම සංගමයට අනුව වෛද්‍ය අධ්‍යාපය සඳහා අවම සුදුසුකම් පිළිබඳ ස්ථාවර නෛතික තත්ත්වයක් නොමැත . මේ සම්බන්ධනේ අවම ප්‍රමිතීන් පවත්වාගැනීමට බාධාවන ආකාරයේ අධිකරණ තීන්දු ගණනාවක්ම වෛද්‍ය සභාවට එරෙහිව ලැබී ඇත. එවැනි තත්ත්වයක් යටතේ ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ සාමාජිකයන්ට චෝදනා කිරීම සම්පූර්ණයෙන් අසාධාරණ සහ පදනම් විරහිත වේ. ඔවුන් පවසන ආකාරයට එහි පවතින හාස්‍යජනකම කරුණ වන්නේ මෙරට අ.පො.ස උසස් පෙළ සමත්ව නොමැති එහෙත් විදේශීය විශ්ව විද්‍යාලවලින් උපාධිය ලබා ගත් වෛද්‍යවරුන් කිහිප දෙනකුම වෛද්‍ය පාදෙණිය සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ නිලතල මෙන්ම එහි විධායක සභාවද නියෝජනය කර තිබීමය.
• ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යරුන්ගේ සංගමය හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් පණ පෙවූ සංගමයක් බවට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ජනාධිපතිවරයා වෙත සඳහන් කර ඇති කරුණද තනිකරම සාවද්‍ය එකක් බවද පෙන්වා දෙන මෙම වෛද්‍යවරුන් පවසන්නේ එම සංගමය 2004 වසරේදී ආරම්භ කරන ලදුව මෙරට රාජ්‍ය සේවයේ සිටින සමස්ත වෛද්‍යවරුන්ගෙන් සියයට 70ක පමණ නියෝජනයක් එහි පවතින බවය. එය රාජිත සේනාරත්නගේ නිර්මාණයක් නොවන බව ඔවුහු අවධාරණය කරති.
• 2014 මැයි මාසයේ සිට 2017 දක්වා ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් පත් කිරීමේ නිලවරණය උපක්‍රමශීලීව කල් තැබීමට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය එවකට සෞඛ්‍ය අමාත්‍යවරුන් වූ නිමල් සිරිපාල ද සිල්වා සහ මෛත්‍රීපාල සිරිසේන යන අමාත්‍යවරුන් මාර්ගයෙන් කටයුතු කර තිබෙන වවද දැන් අනාවරණය වී ඇති බවද විශේෂඥ වෛද්‍යවරුන් ජනාධිපතිරයාට පෙන්වා දෙති. ඔවුන් පවසන ආකාරයට එයට හේතුවී ඇත්තේ ඔවුන්ගේ සාමාජිකයන් මෙම නිලවරණය මින් තම සාමාජිකයන් දිගින් දිගටම ප්‍රතික්ෂේප වීමය. එයින් පසුව පැවති නිලවරණවලදී වෛද්‍යවරුන් බස් පිටින් ගෙන ඒම හෝ තැපැල් ඡන්ද ඔවුන්ගේ වෛද්‍ය සංගම් ශාඛා හරහා එකතු කිරීම හරහා ඔවුන් මෙම නිලවරණයට විවිධ දූෂ්‍ය අංග එක් කළ අතර එයින් ඔවුන්ගේ එකම අරමුණ වෛද්‍ය සභාව තුළ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ බල අධිකාරියට නතු කර ගැනීමය.
• වෛද්‍ය වෘත්තිය සම්බන්ධයෙන් ඉතා ඉහළ පිළිගැනීමක් ඇති ගෞරවනීය වෘත්තීය ආයතන සෞඛ්‍ය ආමාත්‍යවරියගේ මෙම ‍වෛද්‍ය සභා සාමාජිකයන් ඉවත් කිරීමේ තීරණය ට විරෝධය පළ කරන අතර ඔවුන් පවසන්නේ වෛද්‍ය වෘත්තියේ ස්වාධීනතක්වය සහ ගෞරවනීයත්වය මෙම උත්තරීතර වෘත්තිය ආයතනය තුළ බලපාපොරොත්තු වන බවයි. එබැවින් මෙම අසාධාරණ ක්‍රියාකාරකම් ඉතා ඉක්මනින් නවත්වන ලෙසත් ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“හැමදේම ආනයනය කර විකුණා ශක්තිමත් ආර්ථිකයක් හදන්න බෑ”

Next Post

කොවිඩ්-19 මෘතදේහ භූමිදානය කිරීමට අගමැති මහින්දගෙන් උපදෙසක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.