කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දරුවන් රැගෙන එන්නේ නම් ජීවත් වන පළාතේ විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශ මත පමණක් ළමා රෝහලට දරුවා රැගෙන එන්නැයි රෝහල් අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
රෝහලට අනවශ්‍ය ලෙස රෝගීන් පැමිණ තදබදයක් නිර්මාණය වීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් අතර රෝහලේ සායනවලට පැමිණෙන්නේ නම් අදාළ වෛද්‍යවරයාගේ දුරකථන අංකයට අමතා කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්නා ලෙසද අධ්‍යක්ෂවරයා දෙමාපියන්ගන් ඉල්ලා සිටි. අදාළ විශේෂඥ වෛද්‍යවරුන් සහ ඇමතිය යුතු දුරකථන අංක පහත දැක්වේ.