ශ්‍රියානි විජේසිංහ –
මේ දිනවල පැතිර යන අක්ෂි රෝගය පාසල් දරුවන් අතර ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් කිසියම් රෝග ලක්ෂණයක් පවතින්නේ නම් පාසල වෙත නොයවන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
අක්ෂි රෝගයට අමතරව පාචනය, උණ හා ශ්වසන රෝගයක්ද පැති යන බැවින් උතුරුවා නිවාගත් ජලය හා නිවසේ සකස් කළ ආහාර ළමුන්ට දීමට කටයුතු කරන්නැයි සංගමයේ සභාපති උපුල් රෝහණ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
ශ්වසන රෝගයෙන් ආරක්ෂා වීම සදහා මුව ආවරණයක් පැළදීමටත් අක්ෂි රෝගයෙන් ආරක්ෂා වීමට සබන් දා හොදින් දෑත් පිරිසිදු කිරීමටත් කටයුතු කරන්නැයි ද හෙතෙම දැනුම් දී සිටියි.
එසේම වර්ෂාව පවතින කාලය තුල පළා වර්ග , සලාද ලෙස සකස් කර ගන්නා එළවලු වර්ග දරුවන්ට ලබා නොදෙන්නැයිද ඉල්ලීමක් කරයි.
දරුවන්ගේ රෝග ලක්ෂණ වර්ධනය වීමක් වන්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් පූර්ණ සුවය ලැබෙන තෙක් දරුවන් නිවසේ රදවා ගන්නා ලෙසත් සංගමය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.