වෙසක් නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවාවක්!

කීර්ති ප්‍රනාන්දු

වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය හතරක් කොළඹ කොටුව- බදුල්ල අතර සහ බෙලිඅත්ත- අනුරාධපුරය අතර හෙට(05) සහ 07 දා ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ .

ඒ අනුව හෙට පෙරවරු 06:30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ද උදේ 7;30ට
බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ද දුම්රිය දෙකක් ධාවනය කෙරේ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නැවත 07වෙනිදා උදේ 7 ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ද එදින දහවල් 12.30 ට අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ද එම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශකයකු පැවසීය

Exit mobile version