වෙසක් දන්සල් ගැන සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන්…

Dansal

ශ්‍රියානි විජේසිංහ  –                                        

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ මේ වන විට ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

පැවැත්විමට බලාපොරොත්තුවන දන්සැල් වර්ගය,  පවත්වනු ලබන දින ගණන, පවත්වන ස්ථානයන්, පරිසරයේ ස්භාවය ආදිය  පිලිබඳව සදහන් කර ලිපියක් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලබාදී ලියාපදිංචිය ලබා ගත හැකි බව සංගමයේ සභාපති උපුල් රෝහණ   පැවසීය.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන් මගින් ලියාපදිංචිය ලබා දුන් පසුව දන්සැල පැවැත්වීමට පෙර එහි භාවිත කරන අමුද්‍රව්‍ය පිලිබඳව පරික්ෂා කිරීම සහ පිසූ ආහාර පරික්ෂා  කිරිම අඛණ්ඩව සිදුකරන බව හෙතෙම පැවසුවේය.

දන්සැලට ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රයන් පිලිබඳව විශේෂයෙන් සොයා බැලීමක් කරන අතර ජලය හෝ ආහාර අමුද්‍රව්‍යයන් මිනිස් පරිභෝජනයට සුදුසු නොවන්නේ නම් දන්සැල පවත්වාගෙන යාමට ඉඩ ලබා  නොදෙන බව උපුල් රෝහණ  කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ  දිනවල පවතින වර්ෂාව හේතුවෙන් පාචන තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ජලමූලාශ්‍රයන් පිලිබඳව වඩාත් සැලකිලිමත් වන්නැයි දන්සැල් සංවිධායකවරුන්ගෙන් සංගමය විශේෂ ඉල්ලිමක් කරයි.

Exit mobile version