අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී මිලදී ගැනීමට බව කියමින්  සිරිකොත කේන්ද්‍ර කරන් දේශපාලන හෙංචයියන්ට සල්ලි බෙදන වැඩේ නතර කරන්න… එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

by editor
මාර්තු 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

සිරිකොත කේන්ද්‍රකරගනිමින් දේශපාලනඥයන්ගේ හෙංචයියන් සහිත නාම ලේඛනයකට සහල් මිලදී ගැනීම සඳහා යැයි කියා රුපියල් බිලියන 09ක මුදලක් රාජ්‍ය බැංකු හරහා බෙදා දීමේ සූදානම වහාම නවතා දමන ලෙස  එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙ‍රේරා අද (10) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන්  ඉල්ලා සිටියේය.  

ඔහු කීවේ මින් පිරිසක් සහන මුදලට ණය ලබාගෙන වී මිලදී ගැනීම, සහල් කිරීම හෝ වී වලට සම්බන්ධ කිසිම මැදිහත්වීමක් නොකර හිඳීමේ සූදානමක පසුවන බව ද ජනාධිපතිවරයාට දන්වා සිටින බව ද කීවේය.

ජනතා බදු මුදල් මේ තරම් සිල්ලර ලෙස ව්‍යසනයට ලක් නොකරන ලෙසද ඔහු ඉල්ලුවේය.

පොළොන්නරුවේ වලේකඩේ ප්‍රදේශයේ අද (10) සවස පැවති  මාධ්‍ය සාකච්ඡාව අමතමින්  එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මෙසේ ද කීවේය.

පසුගිය ජනවාරි මාසයේ, අමාත්‍ය මණ්ඩලය තීරණයක් මත සහන පොලියකට, සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට රුපියල් බිලියන නවයක,  ණය දෙන්න  රජය   තීරණය කළා. ඒ ණය මුදල සිරිකොත කේන්ද්‍ර කරගනිමින් මහජන බැංකුව, ලංකාව බැංකුව, රජරට සංවර්ධන  බැංකුව, යටතේ දේශපාලනඥයින්ගේ නාමලේඛනයට අනුව ලබාදීමට සූදානම් කරලා තියෙන බව වගකීමෙන් යුතු මම කියනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ නිසා අපි කියනවා සිරිකොතේ නාමලේඛනයට අනුව මේ රුපියල් බිලියන නවයක මුදල රාජ්‍ය බැංකු තුනෙන් ලබාදීලා, මේ රටේ මහජනතාවගේ බදු මුදල් අනතුරේ හෙලන්න එපා කියලා. එක්තරා කණ්ඩායමක් සූදානමින් ඉන්නවා මේ ණය මුදල අරන් ගොවියාගේ වී නොගන්නත්, සහල් නිෂ්පාදන නොකරන්නත්.

ජනාධිපතිවරයා මේ සම්බන්ධ දැනුවත් නැත්නම් ඒ පිළිබඳ දැනුවත් වෙන්න ඔන්න දැන් අපි කිව්වා. ඒ වගේම ගොවියාගේ වී ටික වැඩි  මිලකට පුද්ගලික අංශයට ලබාගන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා කියන්නේ අනිවාර්යෙන්ම, ජුනි වලින් පස්සේ සහල් පාරිභෝගිකයට දරාගන්න බැරි විදියට සහල් මිල ඉහළ යනවාමයි.

එතකොට රජයට තීන්දු කරන්න වෙයි අනිවාර්යෙන්ම සහල් ආනයනය කරන්න. ඒ නිසා අපි කියනවා වහාම ආණ්ඩුව මැදිහත් වෙලා ගොවියාගේ වී අත්සනුත් මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න කියලා.

ඒ වගේම ආණ්ඩුව සතුව හෝ දිස්ත්‍රික් ලේකම්වරුන් සතුව අවම තරමේ වී  මෙට්‍රික් ටොන් හැත්තෑ පන්දාහක්වත්, වී අලෙවි මණ්ඩලයේ හෝ ආණ්ඩුව සතුව ගබඩාවල ආරක්ෂිත තොගයක් ලෙස   තියාගන්න කියලා ඉල්ලීමක් කරනවා.

එහෙම නොවුනොත් ආණ්ඩුවට අගෝස්තු මාසය වන විට සහල් මිල සම්බන්ධ ලොකු අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාගල යාපනයේ ඉඩම් බෙදයි! 

Next Post

සට්ටැඹිරාලටයි  ගොඩ පෙරකදෝරුවාටයි යට වී ඇති සජබෙ එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නැහැ…. ආපහු එන්නැයි ජනපති එජාපය හැර ගිය සාමාජිකයින්ගෙන් ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.