වීරකැටියේ ගමක ගැමියන් හා පොලිසිය අතර ගැටුමක් මැද SI කෙනෙකුගේ කන් දෙකම වෙන් වෙන්න හපා කාලා… පොලිසියේ 08ක් තුවාලයි!

නුවන් ජයසේකර –

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමට ගිය පොලීස් නිළධාරින් හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇති වු ගැටුමකදී උප පොලිස් පරීක්ෂවරයෙකුගේ කන් දෙකම වෙන් වෙන්න සපා කා බරපතල තුවාල සිදුකර ඇති බවත්, එම උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු  පොලිස් නිළධාරින්  08 දෙනෙක් හා ගම්වැසියන් දෙදෙනෙකු තුවාල ලබා අද (06) සවස රෝහල් ගත කර ඇති බවත් වීරකැටිය පොලිසිය පවසයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

අද  (06) සවස වීරකැටිය පොලිසීයට ලද තොරතුරකට අනුව වැටලීමක් සදහා උප පොලිස්  පරීක්ෂක වරයෙකු ඇතුළු නිළධාරින් කණ්ඩායමක් වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබේ. එහිදි අතතනයාල විද්‍යාලය ආසන්නයේ මාර්ගය අසල සැකකටයුතු ලෙස රැදී සිටි තරුණයන් දෙදෙනෙකු පොලිස් නිළධාරීන් විසින් පරික්ෂා කිරීමට උත්සාහ කිරීමේදී එම තරුණයන් දෙදෙනා ඊට විරෝධය පළකරමින් පොලිස් නිළධාරින් සමග ගැටුමක් ඇති කරගෙන තිබේ. එම අවස්ථාවේදි වැටලිමට ගිය පොලිස් නිළධාරීන් මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිළධාරින් දැනුවත් කිරිමෙන් පසු තවත් පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගෙන්වාගෙන ඇත.

එම අවස්ථාවේදී කෑ කෝ ගසමින් පොලිසියට බැනවදිමින් මෙම තරුණයන් දෙදෙනා කළහකාරී ලෙස හැසිරී ඇති අතර එම ස්ථානයට තරුණයින්ගේ ඥාතීන්  විස්සකට ආසන්න   පැමිණ තිබේ.


කෙසේ වෙතත් පොලිස් නිළධාරින් මෙම තරුණයන් දෙදෙනා පරික්ෂා කිරිමට දැඩි උත්සාහයක් ගෙන ඇති අතර එහිදී අදාල තරුණයන් දෙදෙනා සහ ඔවුන්ගේ ඥාතීන් විසින් පොලිසිය සමග ගැටුමක් ඇති තරගෙන තිබේ. එහිදී වැටලිමට ගිය උප පොලිස් පරීක්ෂක වරයාගේ කන් දෙකම වෙන්වන පරිදි සපා  කා තිබේ. එමෙන්ම තවත් පොලිස් සැරයන් වරයෙකුගේ අතක් දරුණු ලෙස සපා කා තිබේ.

එමෙන්ම මෙම ගැටුමෙන් බරපතල තුවාල ලැබූ උප පොලිස් පරික්ෂක වරයා වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තංගල්ල මුලික රෝහලටත් පසුව වැඩිදුර ප්‍රථිකාර සදහා ගාල්ල කරාපිටිය රෝහලටත් ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ අනෙකුත් පොලිස් නිළධාරීන් ප්‍රථිකාර සදහා තිදෙනෙකු වීරකැටිය රෝහලටත්, හතර දෙනෙකු තංගල්ල මුලික රෝහලටත් ඇතුළක් කර ඇත.

එමෙන්ම ගැටුමෙන් තුවාල ලැබූ අදාල තරුණයන් දෙදෙනාගේ ඥාතීන් දෙදෙනෙකුද ප්‍රථිකාර සදහා වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට එකම පවුලේ ඥාතින් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී කීර්තිරත්න ගේ උපදෙස් පරිදි වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන  පවත්වයි.

Exit mobile version