සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විහාරස්ථානයට මත් කුඩු සහ ගිනි අවි දමා මාව අත් අඩංගුවට ගන්න සිවිල් ආරක්ෂක බලකාය කුමන්ත්‍රණය කරනවා… අම්පිටියේ සුමනරතන හිමි මාධ්‍ය හමුවක් කැඳවා කියති!

by editor
සැප්තැම්බර් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න –

තම විහාරස්ථානයට ගිනි අවි හා මත්ද්‍රව්‍ය ගෙනවිත් දමා තමන් නැවත වරක් සිරගත කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ ඇතැම් නිලධාරීන් රහසිගත වැඩපිළිවෙළක් දියත් කර ඇති බවට තමාට තොරතුරු ලැබී ඇතැයි මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති.

මේ පිළිබඳ ජනාධිපතිවරයාගේත්, ආරක්ෂක අමාත්‍යවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේත් කඩිනම් අවධානය යොමු විය යුතු බවත්, තමන්ට මෙන්ම විහාරස්ථානයට විධිමත් ආරක්ෂාවක් සලසන ලෙසත් අම්පිටියේ සුමනරතන හිමියෝ ඉල්ලා සිටිති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද ( 23 ) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් සහ දායකකාරකාදීන්, ලබාදුන් මුදල්වලින් ඉදිකරගත් දාන ශාලාව සහ විශ්‍රාම ශාලාව වන අලින් විසින් විනාශ කළේ සිවිල් ආරක්ෂක භටයින් 04 දෙනෙක් ආරක්ෂාවට යොදවා සිටියදී, බවය. හානියට පත් ගොඩනැගිලි ඉදි කර ගැනීමට සිවිල් ආරක්ෂක බලකායෙන් ශ්‍රමදායකත්වය ලබාදෙන බවට පොරොන්දු වුවද, එම බලකායේ කිසිදු උසස් නිලධාරියෙකු තම දුරකථන ඇමතුම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන සුමනරතන හිමියෝ පැවසූහ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

,මීට පෙරද තමාගේ හිසට වෙඩි තබන්නට උත්සාහ කළ අවස්ථාවේදී පවා සිවිල් ආරක්ෂක බලකායෙන් සිටියද වෙඩි තැබූ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති වීම පිළිබඳව රටේ ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය වහා යොමු විය යුතු බව උන්වහන්සේ කීහ.

වසර තිහක් පැවති කුරිරු යුද්ධයට තමන් වහන්සේ ද මුහුණ දුන් බවත් යුද්ධයෙන් බැටකා ප්‍රදේශයේ ජනතාව සමග නොබියව සිට මඩකලපුවේ විහාරස්ථාන 14 ක් ආරක්ෂා කරගත් බවත් සුමන රතන හිමියෝ සිහි කළහ,

පැවැති සෑම රජයක්ම නැගෙනහිර පළාතේ වෙහෙර විහාරස්ථානවලට මෙන්ම තම විහාරස්ථානයට කුඩම්මගේ සැලකිලි දැක්වූ බව කී සුමනරතන හිමියන් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන යම් යම් සංවිධාන විනාශ කලද ඊට කිසිදු අවධානයක් නොමැති බවට ද චෝදනා කළහ.

වෙනසක් සිදුකරන බවට වත්මන් රජයෙන් පොරොන්දු වුවද, මෙතෙක් නැගෙනහිර පළාතේ වෙහෙර විහාර සංවර්ධනය කිරීමේදීත්, නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතුවලදී මෙන්ම ,සිංහල ජනතාවගේ මූලික අයිතිවාසිකම් ලබාගැනීමේදීත්, විවිධ රාජ්‍ය අංශ නිලධාරින්ගේ තාඩන පීඩනවලට ඔවුන් ලක්වන බව සුමනරතන හිමියෝ කීහ.

ඒ පිළිබඳව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ අවධානය වහා යොමු වියයුතු බවත්, තම ඉල්ලීම්වලට ඉක්මන් විසඳුම් ලබා නොදුනහොත් ජනාධිපතියවරයා විදේශීය සංචාරය නිමකර ශ්‍රී ලංකාවට පැමිණි වහාම තමා කොළඹට පැමිණ මුණ ගැසී කරුණු කාරණා ඉදිරිපත් කිරීමට වැඩපිළිවෙලක් සකසා ගෙන ඇති බවත් සුමනරතන නාහියෝ මෙහිදී අවධාරණය කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය අවුරුදු 2ක් හිරේට…

Next Post

කාර්යාල කාමරය තුළ මත්ද්‍රව්‍ය පැකට් කර නගර සභා සේවකයින්ට බෙදා හැරිය කොළඹ මහ නගරසභාවේ සේවකයෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.