විස්කි ජාවාරම්කරුට පහසුකම් දුන් අරුන්දික සහ මධුරගේ ඉරණම ජනපති අතේ !

අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් මත විදේශයක රැඳී සිටි මත්පැන් ජාවාරම්කරුවකු ආරක්ෂිතව මෙරටට ගෙන්වීම සඳහා පහසුකම් සැපයූ බවට චෝදනා එල්ල වි ඇති රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම මේ වනවිට ජනාධිපතිවරයා අත පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රිෂාන් පීරිස් නම් මෙම වරෙන්තු මත සිටි ජාවාරම්කරුවා එතනෝල් ව්‍යාපාරයට සම්බන්ධයක් ඇති පුද්ගලයකු වන අතර ඩුබායි සිට කටුනායකට පැමිණ ඇත්තේ රජයේ අනුග්‍රහයෙන් ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය සඳහා ගිය මධුර විතානගේ මන්ත්‍රිවරයා සමඟින් බවට වාර්තා වේ. ඔහු විශේෂ ප්‍රභු පර්යන්තය හරහා මෙම පුද්ගලයා රැගෙන විත් එහි රැඳී සිටි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වෙත භාර දී ඇත. මෙරටට ඇතුළු වන විටදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි මෙම සැකකරු අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා විසින් භාරගෙන ඔහු පසුව අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරවා අධිකරණය හරහා ඇප ලබා ගැනීමට අවශ්‍ය වාතාවරණය සකස් කර දී ඇති බවට චෝදනා එල්ල වී ඇත.

මේ පිළිබඳව මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් අදළ සිදුවීම සම්බන්ධයන් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතාගෙන් විශේෂ වාර්තාවක් ඉල්ලා ඇති අතර ඒ අනුව මේ වනවිට එම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී ඇත. එමෙන්ම අදාල සිදුවීමට සම්බන්ධ සියලු සීසීටීවී දර්ශනද ලබා දීමට සූදානම් බවට සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ජාවාරම්කරුට එරෙහිව පවතින චෝදනාවක් වන්නේ උසස් සන්නාම සහිත විදේශීය විස්ති බොතල් මෙරටදී වර්ණ ගැන්වූ ජලය කලවම් කර නැවත අසුරා ප්‍රතිඅපනයනය කිරීමය. මෙයට අදාළ ව අත්අඩංගුවට ගැනීමට නියෝග තිබියදී ඔහු විදේශගත වීම හේතුවෙන් මෙලෙස ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් අධිකරණය විසින් නිකුත් කරනු ලැබ ඇත.

Exit mobile version