ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පුරුවේදී කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තිය ලබා නොදෙන බව සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් පසුගිය සඳුදා (01) පවසා තිබේ.
හිටපු ජනාධිපතිවරයා ගෙවුණු ජූලි 14 වෙනිදා සිංගප්පූරුවට ගියේ ඔහුට එරෙහිව සිදුවුණු ජනතා නැඟී සිටීමකින් පසුවය. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටව මාලදිවයින ඔස්සේ සිංගප්පූරුව බලා ගමන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස සඳහන් කළේය.
“සාමාන්‍යයෙන් සිංගප්පූරු රජය හිටපු රාජ්‍ය නායකයින්ට හෝ රාජ්‍ය නායකයින්ට වරප්‍රසාද මුක්තිය හා විශේෂ ආගන්තුක සත්කාර ලබා දෙන්නේ නෑ. ඒ නිසා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයටත් ඒ වගේ විශේෂිත වරප්‍රසාදයක්, විශේෂ ආගන්තුක සත්කාර ලැබෙන්නේ නෑ..”
Discussion about this post