අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂ අධ්‍යාපනය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක්… සිංගප්පූරු සරසවි සමග එක් වී විශේෂ අධ්‍යාපන ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්… අධ්‍යාපන ඇමති කියයි!

by editor
දෙසැම්බර් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරියේ දී ස්ථාපනය කෙරෙන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය තුළ විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේය.

අන්තර්කරණ අධ්‍යාපනය කරා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කිරීම සඳහා සැලසුම් කරමින්, කටයුතු සංවිධානය කර මෙහෙයවමින් පුරෝගාමී මෙහෙවරක් කළ නොවිධිමත් සහ විශේෂ අධ්‍යාපන අංශයේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ  කේ.ඒ.ඩී පුණ්‍යදාස වෙත අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත විසින් මුල් කෘතිය ප්‍රදානය කළ අවස්ථාව

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, විශේෂ අධ්‍යාපන තක්සේරුකරණය පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය එළිදැක්වීමත්, කලාප මට්ටමේ විශේෂ අධ්‍යාපන තක්සේරුකරණ කමිටු පිහිටුවීම සහ අන්තර්කරණ අධ්‍යාපනය කරා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමත් වෙනුවෙන්‍ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ  උත්සවයට එක්වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් සහ විශේෂ අධ්‍යාපන අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ඒ.එච්.කේ. නිමල් හෙට්ටිආරච්චි වෙත අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය ලබා දුන් අවස්ථාව…

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.

“කහතුඩුවේ වෙනිවැල්කොළ පිහිටි විශේෂ අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඉතා කුඩාම අවධියේදීම දරුවන්ගේ විශේෂ තත්ත්වයන් වෙතොත් හඳුනාගැනීමට දියුණු රටවල තාක්ෂණය භාවිත කරමින් සකස් කළ විශේෂ ක්‍රමවේද තියෙනවා. අපේ රට තුළ තවමත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කල්තියා හඳුනා ගැනීමේ ප්‍රමාදයන් තියෙනවා. මේ ක්ෂේත්‍රයට එය විශාල බලපෑමක්. මේ වෙනකොට ඔස්ට්‍රේලියාව වගේ රටවල්වල කථන සහ ශ්‍රවණ ආබාධ තියෙන කිසිම දරුවෙක් නෑ. අපිත් ඒ තත්ත්වයට අදියරෙන් අදියර ළඟා විය යුතුයි…”

එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබඳ සමාජමය සංස්කෘතිමය වශයෙන් මෙරට අභියෝග රැසක් පවතින බව පැවසු අමාත්‍යවරයා, ඔවුන් වෙනුවෙන් මීට වඩා අවධානය ලබා දිය යුතු බව ද කියා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය වර්ෂ කිහිපය තුළ මෙරට ළදරු උපත් අනුපාතිකය අඩුවෙමින් පවතින වාතාවරණයකදීත් ඉපදෙන දරුවන්ගෙන් 6,000-8,000ක් අතර පිරිසක් වසරකට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වන බව ද පැවසු අමාත්‍යවරයා, විශේෂ දරුවන් අන්තර්කරණ අධ්‍යාපනයට යොමු කිරීම වෙනුවෙන් ගුරුවරුන්, සමාජය හා පාසල, පන්තිකාමරය සූදානම් කළ යුතුව පවතින බව ද පෙන්වා දුනි.

ලොව බොහෝ රටවල් අතර අන්තර්කරණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ සාර්ථකත්වයක් ලබා සිටින සිංගප්පූරුවේ මේ වෙනුවෙන් ‍ගුරුවරුන් පුහුණු කරන වෙනම ආයතන පවත්නා බව ඇමතිවරයා  කියා සිටියේය.

අමාත්‍යවරයා ඒ අවස්ථාවට සම්බන්ධ වී නර්තන අංගයක් ඉදිරිපත් කළ විශේෂ අවශ්‍යතා සහිත දරු දැරියන් සමග…

විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ගුරු පුහුණු කටයුතු සඳහා සිංගප්පූරු රජයේ සහාය ලබාගැනීමට තමා අපේක්ෂා කරන බවත් පැවසු අමාත්‍යවරයා, ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම ද ලබාගනිමින්  විශේෂ දරුවන් කල් තියා හඳුනාගැනීමට ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට පැමිණිය හැකි, වෙනම ආයතනයක් පිහිටුවීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

එමඟින්  මූලික අවස්ථාවේදී ම හඳුනාගෙන ප්‍රතිකාර ලබාදෙන දරුවන් සාමාන්‍ය පරිදි පළමු ශ්‍රේණියේ සිට ම පාසල් වෙත ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දිය හැකි බව ද පැවසූ අමාත්‍යවරයා, සමාජමය, ආර්ථික හා පෞද්ගලික හේතු මත තොරතුරු සඟවාගෙන සිටින, තොරතුරු වාර්තා නොවන පාසල් යැවිය යුතු වයසේ පසුවන නමුත් පාසල් නොයවන විශේෂ දරුවන් පිරිසක් සිටින බව ද ප්‍රාදේශීය මට්ටමින් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වියයුතු බවද අවධාරණය කළේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

2022 දි බන්ධනාගාරයට ගිය පිරිසෙන් අඩකට වඩා ඇතුළට ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදිවලට… විගණනය කියයි!

Next Post

චාමරගේ රසිකයන්ගෙන් කළුබෝවිල රෝහල පිරෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.