ශ්‍රියානි විජේසිංහ –
ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙට (24) වැඩ බාරගැනිමට නියමිත බව වාර්තාවේ.
හෝමාගම රෝහලේ අධ්‍යක්ෂවරයාව සිටි වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර කොවිඩ් වසංගතය පැවති කාලයේදී බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවයා ලෙස විශාල කාර්යය භාර්යයක් ඉටුකල අතර කොවිඩ් වසංගතය පිලිබඳව ජනතාව දැනුවත් කිරීමේ කාර්යයටද උරදුන් වෛද්‍යවරයෙකි.
එදා ඔහු ලංකාසර කළ විමසුමකදී පැවසුවේ තමා සතියකට වරක් පමණක් නිවසට යන බවත් තම වාහනය නිවස ලෙස යොදා ගනිමින් කොවිඩ් වසංගතයෙන් ජනතා බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බවකි.
දකුණු ආසියාවේ පවතින විශාලතම රෝහල් අතර එකක්වන කොළඹ ජාතික අක්ෂි රෝහල මගින් රෝගී ජනතාවට ලබා දෙන සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හා රෝගී ජනතාවගේ හිත සුව පිණිස රෝහලේ බාහිර පෙනුමේ යම් යම් වෙනස්කම් කිරිමටද තමා බලාපොරොත්තු වන බව ලංකාසර කළ විමසුමදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පැවසුවේය.
තමා කුමන කාර්යය කළද නිදහස් සෞඛ්‍ය සේවාව ලබා ගැනීමට පැමිණෙන මේ රටේ අසරණ රෝගී ජනතාව ගැන පළමුව සිතා කටයුතු කිරීම පුරුද්දක් යැයිද හෙතෙම අවධාරණය කළේය.







