ශ්‍රියානි විජේසිංහ –
අද (30) කොළඹදී සමගි ජනබලවේගය පැවැත් වූ උද්ඝෝෂණයට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයන් හේතුවෙන් තුවාල ලැබ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන්ගේ තත්තවය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මාළිගාවත්ත මුස්ලිම් කනත්ත අසලින් ආරම්භවූ මෙම විරෝධතා පෙළපාළියට ධර්මපාල මාවතේදී මෙම ජලප්‍රහාරය එල්ල වී තිබිණි.
මන්ත්‍රීවරයාගේ සුවදුක් සොයා බැලීම සඳහා අද සවස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළ පිරිසක්ද කොළඹ ජාතික රෝහල වෙත පැමිණි බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
මුජබර් රහුමාන්ගේ තත්ත්වය මේ වන විට යහපත් බවද පැවසේ.







